SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ

පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, ජා.නි.පෙ නායක විමල් වීරවංශයන් විසින් රචනා කොට ගායනා කර ඇත.

 

 “කාගේද මේ මූනිස්සම්?” ගීතය Youtube අවකාශය ඔස්සේ ජනගත කිරීම අද (08) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී සිදු කෙරිනි.

 

 

දේශපාලන හා සමාජීය ගැටළු ආමන්ත්‍රණය කරමින් ගීතය  රචනා කර ගායනා කර ඇති ජාතික නිදහස් පෙරමුණේ නායකයා, මෙම නවතම නිර්මාණය කලාපයේ උග්‍රවන මානුෂීය අර්බුදය ලෙස ඔහු විස්තර කළ දෙය පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් බව සඳහන් කරයි.

 

“කාගෙද මේ මූණිස්සම්?” ගීතයේ පද රචනය සහ ගායනය විමල් වීරවංශ,

සංගීතය සංගීතඥ ඉසුරු වික්‍රම,

උපසිරැස මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න,

රූප රචනය Clay House Production ආයතනය විසින් සිදුකොට ඇත.

 

 

මැද පෙරදිග දරුවෝ සාගින්නේ

ගසා තීරේ යුද ගින්නේ

සියොන්වාදී අවියෙන් විහිදෙන්නේ

කෑමට..... මූනිස්සම් ද?

කාගෙද මේ මූනිස්සම්

බඩගිනි නොනිමන මූනිස්සම්

යුධ ගිනි අවුලන මූනිස්සම්

දරු ගැබ පුපුරණ මූනිස්සම්

රුහියතුල් හිලාල්

ලස්සන බලන්න තියෙන අහස

ඇයි ගිනිලන්නේ

පොළෙවේ පිපෙනා මල් සුවඳට මිස

පුළුටු ගදට ඇයි ඉඩ දෙන්නේ

එක එක පැළවල අතු ඉති දළු මත

පිපෙනා මල් ඇයි උදුරන්නේ

ආර්ය දේශයේ මනුසත් බව මිස

දිනන අවිය අප නෑ දන්නේ

නැගෙව්! නැගෙව්!

නොපමාව නැගෙව්

නගව්! නගව්!

හ`ඩ සැවොම නගව්

ජීවිතය අපේ ..... තොපේ නොවේ

නැගෙව්! නැගෙව්!

නොපමාව නැගෙව්!

Artist - Wimal Weerawansa Lyrics - Wimal Weerawansa Melody, Music and mastering - Isuru Wickrama Subtitle - Malinda Senevirathne Video - Clay House Production

නවතම ලිපි