SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්

නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට ලබන 11 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (ජූලි 7) සිතාසි නිකුත් කෙරිනි.

 

 

මහේන් වීරමන්, ප්‍රදීප් අබේරත්න හා අමාලි රණවීර යන විනිසුරු මඬුල්ල විසින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අධිචෝදනා සලකා බලා  එම නියෝගය කර ඇත.

 

11 වනදා පෙනී සිටීමෙන් අනතුරුව  එම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීමට නියමිත ය.

 

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන් ම හිටපු කැබිනට් ඇමතිවරුන් සිව් දෙනකු ද නම් කිරීමට නීතිපතිවරයා පියවර ගෙන ඇත.

 

නවතම ලිපි