SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පින්වත් ඔබට කරනු ලබන ඇරයුමයි!

හෙයියන්තුඩුවේ අභිනවයෙන් නිර්මිත වු ලොව ප්‍රථම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙන්, ධර්මාලෝකයෙන් සම්බුදු සසුන ඒකාළොකමත් කිරීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩසිටීමට නියමිත දහසක් බුදුවරුන්ගේ කුටිය ජූලි 6 වන ඉරු දින සවස 4 ට පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සවිවෘත කිරීමට නියමිතයි.

 

 new pali 3

 

ඒ සඳහා තරුණ දු පුතුන් ඇතුළු දෙමාපියන්ට මෙම භාග්‍යවත් අවස්ථාවට ආරාධනා කර කරමු. මේ පින්බර අවස්ථාව සජීවීව දැකබලා ගනිමින් මේ ලක් දෙරණේ බුද්ධ ශාසනය රැක ගැනීමේ උත්තම ආකල්ප, දැනුම හා කුසලතා ඔප්නංවා ගැනීමටත් බුරුමයෙන් වැඩම කරන ලඳ තනි කිරි ගරුඬෙන් නිමකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේලා දහසක් ඔබේම ශ්‍රද්ධා භක්ත්‍යාදර දෑතින් වැඩම කරවීමට නියමිතය.

 

new pali 1

 

(තනි සුදු ඇදුමෙන් සැරසි විනීතව පැමිණිම අත්‍යවශ්‍ය වේ).

සුපින්වත් ඔබට අප ගෞරවාදරයෙන් ආරාධනා කරමු.

 

ස්තුතියි.

ආචාර්ය දමෙන්ද පෝරගේ,
සභාපති,
පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය ,
330/7/B දෙවමිත්ත පෙදෙස,
හෙයියන්තුඩුව.

location

https://maps.app.goo.gl/zjpT4ENyswsHQKgcA?g_st=awb

 

new pali 2new pali 4

නවතම ලිපි