SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊ-වීසා වංචාව සම්බන්ධ නඩු විභාගය අද (01) පෙරවරුවේ පැවැත්විණ.

එහිදී අධිකරණ නියෝග නොතකා හැරීම පිළිබඳ චෝදනාවේ වරද පිළිගත් හිටපු ආගමන විගමන පාලකවරයා; තමන් එසේ සිදු කරන ලද්දේ හිටපු අමාත්‍යාංශ ලේකම් වන වියානි ගුණතිලකගේ බලපෑමට බව ද, සඳහන් කළේ ය.

 

 

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක යන අයගෙන් කටඋත්තර ලබා ගත් අතර, එහිදී රාවුෆ් හකිම් පෙන්වා දුන්නේ රාජ්‍ය නිලධාරීන් වෙත අධිකරණ නියෝග ලබා දීමෙන් පසු එම අධිකරණ නියෝග අනුව කටයුතු කළ යුතු බව ය. යම් කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කළ යුත්තේ අධිකරණ නියෝගයට අනුගත වීමෙන් පසුව පමණක් බව ද හකීම් මෙහිදී පෙන්වා දුන්නේ ය.

 

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කළේ මෙම ඊ-වීසා වංචාකාරී ගනුදෙනුව 2023 තරම් දිගු කාලයක සිට ක්‍රියාත්මක වෙමින් පැවැති ක්‍රියාවලියක් වන බව ය.  ඉන් රු. කෝටි 371 ක පමණ පාඩුවක් සිදු වූ බවත්, අධිකරණ නියෝගය නොතකා හැරීම එම වංචනික ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

 

 

විශේෂයෙන් ම 2024 ජූලි මස 12 වැනිදා මෙම ඊ-වීසා වංචනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවට පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වුනු අතර, එම වෝහාරික විගණනය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්වත් සිදු නොකිරීමට වග බලා ගැනීම තුළින් පෙනී යන්නේ මෙම වංචනික ඊ-වීසා ක්‍රියාවලියට සම්බන්ධ දූෂකයන් කෙතරම් බලවත් ද යන්න බව ද පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේ ය. පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි වෝහාරික විගණනය ප්‍රසිද්ධ නොකරන්නේ  මෙම වංචනික ක්‍රියාවලියේම දිගුවක් ලෙසින් බව ද, ඔහු අවධාරණය කළේ ය.

 

මේ අතර, දේශපාලන විචාරකයින් පවසන්නේ, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග ඊ-වීසා වංචාවේ මහ මොලකරු ලෙස සැලකෙන හිටපු පොලිස් ඇමැති ටි‍රාන් අලස් අතර පවතින සමීප සම්බන්ධය මත ටිරාන් අලස් සම්බන්ධයෙන් බලපානු ලබන කිසිදු ක්‍රියාමාර්ගයකට නොඑළැඹීමට අනුර ප්‍රමුඛ ආණ්ඩුව වගබලා ගන්නා බව ය.

 

 

නවතම ලිපි