ඊශ්‍රායල ඉරාන යුද්ධය නිමවීමත් සමඟ ඊශ්‍රායලය තුළ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ
රැකියා දහස් ගණනාවක් ඉදිරියේදී අලුතින් නිර්මාණය වීමට නියමිතව ඇත.
යුද්ධය හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලි සංවර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව මේසන්වරුන්, වැල්ඩින්වරුන්, වඩු කාර්මිකයන්, පින්තාරුකරුවන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා නිර්මාණය වනු ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසා ඇත.
ශීඝ්‍රයෙන් මෙම සංවර්ධන කටයුතු ආරම්භ වන නිසා ඉදිරියේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා මැදිහත් වන බව ද ඔහු කියයි.
ඊශ්‍රායල් – ඉරාන දින 12 යුද්ධයේ දී ඊශ්‍රායල් ආණ්ඩුව එහි මුල් සතියේ දී පමණක් යුද වියදම් ලෙස ඩොලර් බිලියන 5ක් වැය කර තිබේ. දිනක වියදම ඩොලර් මිලියන 750 කට ආසන්නය.
අමෙරිකානු හමුදව ඉරාන න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කරගෙන ප්‍රහාරක යානා 125 යොදාගෙන සිදු කළ මෙහෙයුම සඳහා ඩොලර් බිලියනයකට අධික මුදලක් වැයවී තිබේ.
ඉරාන ප්‍රහාර නිසා ඊශ්‍රායලයට සිදු වූ පාඩුව ඩොලර් බිලියන 12-17ත් අතර වේ.