දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර වරාය නීතිගත සංස්ථා සභාපති
උපාලි ලියනගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ද සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග හමුවේ මේ බව සඳහන් කරන තිබේ.
ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම දූෂණ චෝදනාවට අදාළව එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ව සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.
දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් උපාලි ලියනගේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවල ඇප මත මුදා හැරීමට නියෝග කෙරිනි.