SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද(27) වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ

ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇතැයි ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය වාර්තා කරයි.

 

 

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇතැයි ද වාර්තාවේ සඳහන් ය.

 

 

වැලිගම ප්‍රාදේශීය සභාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී  ජාතික ජන බලවේගයට වඩා විපක්ෂයේ පක්ෂ වලට වැඩි බලයක් හිමිව තිබුණි.

 

 

එසේම ඉතාමත් දූෂිත ප්‍රාදේශීය සභාවක් ලෙස කාලයක් පුරා විවිධ මාධ්‍ය වාර්තා පළව තිබුණේ ද වැලිගම ප්‍රාදේශීය සභාව වීම විශේෂත්වයකි.

 

නවතම ලිපි