ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයක් ඇති කරගැනීමෙන් පසු ප්‍රථම වරට
‘එක්ස්’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා ඇති ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කුමේණි ඊශ්‍රායල – ඉරාන යුද්ධයෙන් ඉරානය ජයග්‍රහණය කළ බවත් ඉරානය ඇමරිකාවට සැර කම්මුල් පහරක් ලබා දුන් බවත් සඳහන් කර තිබේ.
‘ඉරානයට යටත් වෙන්න කීම ට්‍රම්ප්ගේ කටට ලොකු වැඩි වචනයක්’
මේ අතර ඇමරිකානු හමුදා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් හා සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඊයේ (26) ප්‍රථම වතාවට සජීවීව ජාතිය අමතමින් කතා කර ඇති ඉරාන උත්තරීතර නායකයා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු වූ දේවල් පිළිබඳව අසාමාන්‍ය අයුරින් අතිශයෝක්තියෙන් කරුණු ඉදිරිපත් කරන බවත් සත්‍ය විකෘති කර දක්වන බවත් පවසා තිබේ.
“අප ඇමරිකානු හමුදා කඳවුරුවලට පහර දුන්නා. එහෙත් ඔවුන් එය පහත් කොට සැලකුවා. ඇමරිකාව ඉරානයට එරෙහිව යුද ක්‍රියාමාර්ගයක් ගත්තේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එරෙහිව නොව ඉරානය යටත් විය යුතු නිසා”
යැයි ඔහු සඳහන් කර තිබේ.
ඉරානය මිලියන 90ක ජනගහනයක් වාසය කරන ශ්‍රේෂ්ඨ රටක් බවත් එවැනි රටකට යටත් වන්නැයි කීම විශාල අපහාසයක් බවත් පවසා ඇති ඉරාන උත්තරීතර නායකයා සිය රටට යටත් වන්නැයි කීම ඇමරිකානු ජනාධිපතිවරයාගේ කටට ලොකු වැඩි වදනක් යැයි අවධාරණය කර තිබේ.
@ ඒමන්ති මාරඹේ