SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලු ඖෂධ ලබාදීමට රජයට නොහැකි බව

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

 

 

බහුතර ප්‍රමාණයක් භාවිත කරන, වැදගත්ම ඖෂධ සඳහා රජය මුදල් වෙන් කරන බවත්, ආර්ථිකය ශක්තිමත් වන පළමු මොහොතේදීම ඉල්ලා සිටින ඖෂධ සහ ශල්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

 

 

මෙලෙස ඖෂධ සැපයීමේ යම් ප්‍රමාදයක් සිදු වුවහොත් ප්‍රාදේශීය එම ආයතනවල ප්‍රධානීන්ට ඖෂධ සහ ශල්‍ය උපකරණ මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවත්, අදාළ විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කළ පසු ඖෂධ සංයෝජකගේ එකඟතාව මත රෝහල් අධ්‍යක්ෂවරයාට එය වෛද්‍ය සැපයුම් අංශයට ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවද ඇමැතිවරයා පැවැසීය.

 


දේශීය ඖෂධ සැපයුම් කර ගැනීමට පසුගිය අය වැයේදී රුපියල් කෝටි 3,500 ක් වෙන්කළ බවද ඔහු කීවේය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
කලින් සිටි සෞඛ්‍ය ඇමැතිවරයා සහ නිලධාරීන් සිදුකළ බරපතළ මූල්‍ය වංචා නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස ගල් ගැසී තිබූ බවද ඔහු පැවැසීය.

 


වෛද්‍ය සැපයුම් අංශය හරහා රෝහල්වලට ලබාදෙන ඖෂධ වර්ග 862 ක් සහ ශල්‍ය උපකරණ 12,444 ක් සපයන බවත්, මෙම ලැයිස්තුව සකස් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වූවත්, ඊට අදාළව නිර්දේශ ලබාගනු ලබන්නේ රෝහල්වල සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බවත් ඇමැතිවරයා කීවේය.

 


මෙම ඖෂධ වර්ග 862 න් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ වර්ග 432 ක් සහ ශල්‍ය උපකරණ 5,906 ක් සඳහා ටෙන්ඩර් කැඳවන බවත්, මෙම ඖෂධ සහ ශල්‍ය උපකරණ සැපයීමේදී විටින් විට බාධා පැමිණීමේ හැකියාව පවතින බවත් ඔහු කීවේය.

 


@ Aruna පුවත

නවතම ලිපි