ආහාරවල තතු.
බිත්තර ගබඩා කල යුත්තේ කෙසේද?
බිත්තර..
බිත්තර කටුව සෑදී ඇත්තේ කැල්සියම් කාබනේට් ස්පටික එකට එකතුවීමෙන්. ඒ කියන්නේ බිත්තරය වීදුරුවක් වගේ නෙවෙයි. මෙයින් අදහස් කරන්නේ බිත්තර solid පෙනුමක් තිබුණද ඉතා සියුම් සිදුරු 8,000 ක් පමණ තිබිය හැකි බව. මේ සිදුරු තුලින් බැක්ටීරයා ඇතුලත් වීමට හැකියාවක් තියනවා.
බිත්තර ගැන කියද්දී සැල්මොනෙල්ලා විශවීම් ගැන කතා නොකරම බැහැ, සැල්මොනෙල්ලා විශ වීම් වලට හේතු වෙන්නේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව. නියමිත ප්‍රතිකාර නොලැබුනොත් සැල්මොනෙල්ලා විශ වීම් නිසා මරනය පවා සිදුවෙන්න පුලුවන්. සැල්මොනෙල්ලා ආසාදිත කිකිලියකගේ මලපහ මගින් බිත්තර තුලට කලින් කිව්ව කුඩා සිදුරු හරහා සැල්මොනෙල්ලා බැක්ටීරියාව ගමන් කරන්න පුලිවන්, බිත්තරය කියන්නේ පෝශක ගබඩාවක්, ඉතින් මේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව මේ පෝශක ගබඩාවේඑ ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. මෙලෙස සැල්මොනෙල්ලා බැක්ටීරියා අඩංගු බිත්තරයක් නිසි ලෙස පිසගැනීමකින් තොරව අමුවෙන් ආහාරයට ගත්තොත් හෝ සැල්මොනෙල්ලා ආසාදිත මලපහ අඩංගු බිත්තරයක් අනිත් ආහාර සමග එකට ගබඩා කිරීමෙන් ඔබටත් සැල්මොනෙල්ලෝසිස් ( salmonellosis) රෝගය වැලදෙන්න පුලිවන්. ඉතින් හොදම දේ නිවැරදි ප්‍රමිතියකින් යුතුව ලෙඩ රෝග නොමැති කිකිලියන් ඇති කිරීමයි.
(සැල්මොනෙල්ලා ටයිපි බැක්ටීරියාව මඟින් පිත්තාශ පිළිකා සාදන බවට සාක්ෂි ලැබී ඇත. වසරක් තුළ ලොව පුරා මිලියන 17ක පමණ ජනයා පිත්තාශ පිළිකා තත්ත්වයෙන් පීඩා විඳින අතර මේ සඳහා ප්‍රධාන හේතු ලෙස පිත්තාශ ගල් ඇතිවීම, තරබාරු බව හා විවිධ හානිකර රසායනික ද්‍රව්‍ය ශරීරගතවීම ප්‍රකාශ කර තිබුණත් ඒ අතරට සැල්මොනෙල්ලා ටයිපි බැක්ටීරියා ආසාදන තත්ත්වයද එක් හේතුවක් වේ.
මෙම මස් හා බිත්තර සැල්මොනෙල්ලා රෝගයෙන් තොර ගොවිපළවලින් ගෙනෙන බව සත්ත්ව නිෂ්පාදිත දෙපාර්තමේන්තුව කියයි. කුකුළුන් එම රෝගයෙන් තොර විය හැක. ගොවීන් හා මිනිසුන්ට එම රෝගය සෑදෙන බව අප දනිමු. එම මිනිසුන් විශේෂයෙන්ම විදේශිකයන් වැසිකිළි පාවිච්චියෙන් පසු පස්සා පැත්ත පිස දැමීම මිස සේදීම නොකරති. එබැවින් අතද නොසෝදති. එම අත් වලින් ඇල්ලු බිත්තර මස් වල සැල්මොනෙල්ලා රෝග බීජ කෝටි ගණන් තිබේවි. අනේ අපට කුමක් වේවිද? මස් බිත්තර ගෙන්වන විටම අපට බෙහෙතුත් ගෙන්වන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලමු.
කටුවේ ඇති කුඩා සිදුරකින් පවා සැල්මොනෙල්ලා විසබීජය ඇතුලුවිය හැකියි. මස් මාලු බිත්තර හැරුණුකොට එලවලු සහ කිරි ආදියටත් සැල්මොනෙල්ලා බැක්ටීරියාව ඇතුලුවියහැකිබව සොයාගෙන ඇත.මේ බැක්ටීරියාව මස්, මාලු, කිරි, බිත්තර,හැරුනු කොට සලාද කොල වගේ පලාවර්ග වලත් තියනව කියල හොයගෙන තිබේ.)
කිකිලිය බිත්තරයක් දැමීමට පෙර, බිත්තරය “ bloom” හෝ cuticle නමින් හදුන්වන ආරක්ෂිත ශ්රාවයක් මගින් ආවරනය කරනවා. මේ ආවරනය බැක්ටීරියා, තෙතමනය සහ වායූන් බිත්තරයට ඇතුල් වීම වල්ක්වාගන්න උපකාරී වෙනවා. මේ නිසා බිත්තරය නැවුම්ව සහ ආරක්ෂාකාරීව තබා ගන්න හැකියාව ලැබෙනව
නමුත් bloom නැමැති මෙම ආරක්ශිත ආවරනය ජලයෙන් සේදීම මගින් පහසුවෙන් ඉවත් වන අතර මේ නිසා බිත්තරයේ සිදුරු නිරාවරණය වී බැක්ටීරියා, තෙතමනය හා වායූන් බිත්තරය තුලට ගමන් කිර්‍රිමට අවකාශ සලසනවා, සෝදන ලද බිත්තර නොසෝදා ඇති බිත්තර වල්ට වඩා වේගයෙන් පරන වීමට හෝ නරක් වීමට හේතිව මෙයයි.
ඉහත කාරනාවලින් දැන් ඔබට තේරෙනවා ඇති බිත්තර සේදීම නොකලයුතු බව. ඒත් අපි කොහොමද අපි මිලදී ගන්නා බිත්තර වල සෞඛ්යාරක්ෂිත බව තහවරු කරගන්නේ
* බිත්තර මිකදී ගන්නාවිට ප්‍රමිතියකින් යුතු බිත්තර මිලදී ගන්න
* බිත්තර මිලදී ගැනීමේදී හොදින් දන්නා බිත්තර ගොවිපල වලින් මිකදී ගන්න
ඔබ බිත්තර මිලදී ගන්නේ සුපිරි වෙලදසැලකින් නම්:
සුපිරි වෙලදසැල්වල් විකිනීමට ඇති බිත්තර සාමාන්‍යයෙන් සෝදා පිරිසිදු කරන ලද ඒවායි. මෙවැනි බිත්තර කාටූන වල හෝ වෙනත් බාහාලුම් පැමිනෙයි. මිකදී ගත් එවන් බිත්තර නැවත නොසේදිය යුතු අතර කාටූන්ය හෝ බහාලුම ඉවත් කිරික්ම නොකල යුතුය. සෝදා පිරිසිදු කරන ලද මෙම බිත්තර වල cuticle ආවරනය නොමැති බැවින් ඉතා ඉක්මනින් නරක් විය හැකි නිස බහාලුමය හෝ කාටූනය සමග ශීතකරනයේ ගබඩා කලයුතුයි. මෙවන් බිත්තර කාමර උශ්නත්වයක ගබඩා කිරීමට නොහැක.
බිත්තර මිලදී ගැනීමේදී පලුදු වීම් ඇත්දැයි සැලකිලිමත් වෙන්න.
නිවසට ගෙනෙන ලද බිත්තර වල පලුදු වීමක් ඇතිවිට එම බිත්තරය ඉක්මනින් ආහාරයට ගන්න, හෝ පලුදු වූ බිත්තරයක සුදු මදය හෝ කහ මදය පිටතට පැමින අනිකුත් බිත්තර වල තැවරී ඇති විටක, කැඩුනු බිත්තරය ඉවත් කර අනිකුත් බිත්තර පහත ලෙස සෝදා, වියලා ශීතකරනයේ ගබඩා කරගන්න.
කාටූනයේ සදහන් කර ඇති කල්ඉකුත් වීමේ දිනයට ප්‍රතම ආහාරයට ගන්න
ඔබ බිත්තර මිලදී ගන්නේ ගොවිපලකින් නම්
* ගොවිපල සෞඛ්යාරක්ෂිත පුරුදු අනුගමනය කරන්වාද යන වග දැනුවත් වෙන්න. අනාරක්ශිත ගොවිපල මගින් සැල්මොනෙල්ලා ව්යාප්තිවිය හැක.
* ඔබ මිලදී ගත් බිත්තරවල කුකුල් මලපහ හෝ වෙනත් දෑ තැවරී ඇතිවිටක වියලි රෙදි කඩකින් හෝ කඩදාසියකින් පිස දැමීම ප්‍රමානවත්. මෙලෙස පිස දැමූ නොසේදූ බිත්තර කාමර උශ්නත්වයක ගබඩාකර ගන්න. අවශ්‍යය නම් ශීතකරනයේ ගබඩා කල හැකි උවත් , එසේ ගබඩා කිරීමේදී අනිකුත් ආහාර සමග නොගැටෙන සේ වෙනම බාහාලුමක අසුරා ගබඩා කර ගන්න.
* නැවුම් නොසෙදූ බිත්තර සාමාන්‍යයෙන් දවස් 21 කාල සීමාවක් තුල ආහාරයට ගත යුතුය.
* ආහාර සදහා පිලියල කිරීමේදී බිත්තරය පහත පරිදි සෝදාගත හැක.
ඔබට බිත්තර සේදීම අත්‍යවශ්‍යම නම්...
* ඉතාමත් හොදම ක්‍රමය නම් බිත්තර නොසේදීම වේ, නමුත් ඔබට බිත්තර සේදීම අත්‍යවශ්‍යම නම් බිත්තර උනුසුම් වතුරෙන් ( බිත්තරයට වඩා වතුර උනුසුම් විය යුතුයි. ) සෝදාගන්න. කිසිම විටක සීතල වතුරෙන් සෝදන්න එපා. උනුසුම් වතුර නිසා ඇතිවන රික්තයක ( vacuum ) මගින් ක්ශුද්‍රජීවීන් ඇතුලු වීම වලක්වාලයි.
* එලෙස සෝදා, ගැනීමේදී කිසිම විටක සබන්, ක්ලෝරීන් හෝ, වෙනත් රසායනික ද්‍රව්‍ය පාව්ච් නොකල යුතුයි.
* එලෙස සෝදාගැනීමේදී බිත්තරෙකවර භාජනයකට දමා නොව බිත්තර එකින්එක ගෙන සෝදා, ගත යුතුයි.
* එලෙස සේදූ බිත්තර පිරිසිදු රෙදි කඩකින් වේලා පිරිසිදු වියලි භාජනයක අසුරා ශීතකරනයේ ගබඩා කර ගතයුතුයි
* මෙලෙස සේදූ බිත්තර කාමර උශ්නත්වයක ගබඩා කල නොහැක.
බිත්තර ගබඩා කර ගැනීම
* නොසේදූ බිත්තර කාමර උශ්නත්වයේත් සේදූ බිත්තර ශීතකරනයේත් ගබඩා කලයුතුයි.
* ශීතකරනයේ ගබඩා කරන බිත්තර ශීතකරනයේ දොරේ ගබඩා නොකල යුතු අතර උශ්නත්වය වෙනස් නොවන මැද ඒකකයක ගබඩා කල යුතුයු
* බිත්තර ගබඩා කිරීමේදී උල් හැඩය පහලට සිටින සේ ගබඩා කලගත යුතුය, එය කහ මදය , බිත්තරයේ මැද පවත්වාගැනීමට හේතු වේ.
copied