SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දශක 4-5 පුරා, ලාභ ශ්‍රමය සපයමින්,ඒ සඳහා අවශ්‍ය මූල ද්‍රව්‍ය සහ වෙලඳපොලවල් ලබාදෙමින්,

ගෝලීය උතුර නියෝජනය කරන ධනවාදය සහ එය පෝෂණය කිරීමට මැදිහත් වූ ගෝලීය දකුණ නියෝජනය කරන ධනවාදී පාර්ශව දෙකම දැවන්ත අර්බුදයකට මුහුණ දී ඇත.

 

 

අසීමිත ලෙස අති දැවන්ත මූල්‍ය වටිනාකම් උපයාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ථ ගෝලීය මූල්‍ය ධනවාදයම ඒකාධිකාරී ලෙස පාලනය කරමින් සිටින ඇමරිකාව ප්‍රමුඛ ගෝලීය ධනවාදය විසින් එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීයව ව්‍යාප්ත වන දැවන්ත PROXY යුද්ධයක පැටලී ඇත.

 


කෙසේ වෙතත්,ධනවාදයේ විනාශය වෙනුවට ලෝක විනාශය විශ්වාස කරන සාංදෘෂ්ටිකවාදී ලාමක ටිං ටිං සිතන්නන්ට අනුව මෙයට හේතුව වී ඇත්තේ නරක මිනිසුන් කිහිප දෙනකු අතර ඇතිවී ඇති නරක සිතිවිලි මත පදනම් වූ දුෂ්ඨ භාවය නිසා ශිෂ්ඨාචාරයේ අවසානය සලකුණුවීමකි.

 

 

එසේම ඔවුන්ට අනුව වර්තමාන මොහොත යනු එම අකාරුණික තත්ත්වය පාදක කරගෙන 3 වෙනි ලෝක යුද්ධයක් දිශාවට ගමන් කිරීමකි.කෙසේ නමුත් මේ සුවිශේෂී විනාශකාරීත්වය වලක්වා ගැනීම සඳහා ඔවුන් යෝජනා කරන්නේ බටහිර ඊනියා වාම වෙස්ගත් දේශපාලන ආර්ථිකය බැහර කරන සාංදෘෂ්ටිකවාදී දාර්ශනිකයන්ගේ චින්තනයන් මේ අවිනිශ්චිත තත්ත්වය අවබෝධ කරගැනීමට යොදා ගතයුතුය යන්නය.

 

 

ඒ සඳහා විවිධ බටහිර දාර්ශනිකයන්ගේ ඡායාරූප මුහුණු පොතේ පලකිරීම සමහර සංකේත පිලිවෙල අවුල්වී , කාලෙන් කාලෙට විවිධ මාස්ටර්වරු පසු පස හඹායන පිස්සු පූසන්ගේ දින චරියාව වී ඇත. ඔවුන්ට සායනික ප්‍රතිකාර ලබාදීමට තරම් දියුණු රාජ්‍යයක් ලංකාවේ නිර්මාණය වී නොමැති තත්ත්වය තුල ඒවා ඉවසා දරා සිටීම හැර අන් මගක් නැත.

 


තත්ත්වය කෙසේ වුවත්, අරබුද ධනවාදී දේශපාලන ආර්ථික ප්‍රතිවිරෝධයන් වලට තීරණාත්මකව මුහුණ දී සිටින ගෝලීය උතුර නියෝජනය කරන ධනවාදය සහ ගෝලීය දකුණ නියෝජනය කරන ධනවාදය යන දෙපාර්ශවයටම වර්තමානය වන විට න්‍යෂ්ටික බලය හිමි වී ඇත.මේ අතර ඩොලර් ට්‍රිලියන 28 ක් දලජාතික ආදායමක් ලබන ගෝලීය උතුර නියෝජනය කරන ඊනියා බලවත් ඇමරිකාව ඩො.ට්‍රිලියන 36 ක් වැනි දැවන්ත ණය අර්බුදයකට මුහුණ දී ඇත.

 

කෙසේ නමුත්, එවැනි බෙලහීන ආර්ථික තත්ත්වයක පසුවන ඇමරිකාව විසින් ලෝකය ශිෂ්ට කිරීමේ කිරීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ කිරීමට සැරසීම උත්ප්‍රාසාත්මක තත්ත්වයකි. ඒ සඳහා තමන්ට එකඟ නොවන පරිවාරයේ ස්වාධීන රාජ්‍යයන්ට යුද බලය යෙදීමට පවා වර්තමානය වන විට තීරණය කර ඇත.


පසුගියදා ගෝලීය දකුණ නියෝජනය කරන මැදපෙරදිග කලාපයේ බලවත් රටක් වන ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයකට ඇමරිකානු B2 ගුවන්යානා හරහා G.B.U57 පුපුරණ උපකරණ ටොන් 15 හෙලා පුපුරුවා හැර ඇත . නමුත් ඇමරිකාව ඒ ප්‍රහාරය උත්කෘෂ්ටත්වයට නැන්වුවත් , න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිලිබඳව විද්‍යාඥයන් පළකරන්නේ වෙනස් අදහසකි.ඔවූන්ට අනුව ඉරානය විසින් පොහොසත් කර ඇති ( IR 6 සහ IR 8 CENTRIFUGES ) මට්ටමේ දියුණු තත්ත්වයක පවතින න්‍යෂ්ටික බලශක්තියක් පිපිරීමකට ලක්වුවහොත් එහි භයානක ප්‍රතිඵලයයි.

 

එබැවින් ඔවුන්ට අනුව එවැනි න්‍යෂ්ටික මධ්‍යස්ථාන වල තිබූ න්‍යෂ්ටික ද්‍රව්‍ය වලට කිසිම හානියක් සිදුවී නැත.සමහර විශ්ලේෂකයන්ට අනුව ඒ ගබඩාවල තැන්පත් කර තිබු න්‍යෂ්ටික ද්‍රව්‍ය ජුනි 18-19 යන දෙදින තුල එම බලාගාර වලින් ඉවත්කල බවට සැටලයිට් ඡායාරූප අනාවරණය කර ඇත. මෙම තත්ත්වය දියුනු තාක්ෂණික තොරතුරු රැස්කරණ ඇමරිකානු මිලිටරි ඒකාධිකාරය නොදැනීම ප්‍රහේලිකාවකි.කෙසේ වෙතත්, එවැනි දත්ත තොරතුරු වලින් තොරව හිස් භූමියකට ඇමරිකානු ජනයාගේ බදුවලින් එකතු කරන මුදල් වලින් බෝම්බ හෙලීම ඇමරිකානු ජනයා විසින් ඇමරිකානු දේශපාලන සමාජයෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.


කෙසේ වෙතත් වර්තමානයේ උත්සන්න වෙමින් පවතින යුද්ධය යනු අධිතාක්ෂණික ගෝලීය ධනවාදී දේශපාලන ආර්ථිකය වෙනස් ආකාරයකට නැවත සංවිධානය වීමට යොදාගන්නා උපායමාර්ගික තැන්මාරුවක් මිස ලෝක විනාශයක් කරා ගමන්කිරීමක් නොවේ!

 

@නලින් දොඩන්ගොඩ

Nalin Dodangoda

නවතම ලිපි