ඉරානයේ න්‍යෂ්ටික කර්මාන්තයට හානි සිදු වූ පළමු අවස්ථාව මෙය නොවන බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානයේ ප්‍රකාශක බෙහ්රූස් කමල්වන්ඩි පවසයි.
ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA ට අනුව, ඉරානයේ
පරමාණුක බලශක්ති සංවිධානයේ (AEOI) ප්‍රකාශකයා පවසන්නේ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ රටේ දැනුම "විනාශ කළ නොහැකි" බවයි.
න්‍යෂ්ටික කර්මාන්තයේ මූලයන් ඉරානයේ ඇති බවත් "මෙම මූලයන් විනාශ කළ නොහැකි" බවත් බෙහ්රූස් කමල්වන්ඩි පවසයි.
"අපිට හානි සිදුවෙලා තියෙනවා, නමුත් කර්මාන්තයට හානි සිදු වූ පළමු අවස්ථාව මෙය නොවේ,"
ඔහු තවදුරටත් පවසයි.
ඒ හා සමානව, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පදනම් වී ඇත්තේ “බෝම්බ හෙලීමෙන් විනාශ කළ නොහැකි” “දේශීය න්‍යෂ්ටික දැනුම” මත බවයි.