SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊශ්‍රායලය විසින් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක් වන IRINN හි මැදිරි සංකීර්ණයට ප්‍රහරයක් එල්ල කර තිබේ.

එය සිදුව තිබුණේ "ඉරාන ප්‍රචාරක සහ උසිගැන්වීමේ ප්‍රකාශනය අතුරුදහන් වීමට ආසන්නයි" යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීමෙන් පසුවය.

 

 

ඉරාන මාධ්‍ය පැවසුවේ, නිවේදිකාවක් ඊශ්‍රායලය පිළිබඳ සජීවී විවේචන ඉදිරිපත් කරමින් සිටියදී මෙම ප්‍රහරය එල්ලවූ බවය. 

 

ප්‍රහාරයෙන් පසු රූපවාහීනි මැදිරිය දූවිලිවලින් පිරී යන අයුරුද පටිගත වී තිබුණි.

 

පසුව නාලිකාව සජීවි විකාශය හදිසියේම නවතා ඇති අතර කලින් පටිගත කරන ලද වැඩසටහන් විකාශය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

සිද්ධියට පැයකට පෙර, ඊශ්‍රායලය ටෙහෙරානයේ රූපවාහිනී මැදිරියෙන් ඉවත් කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.

 

@ අරුණ

නවතම ලිපි