ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියට ඊශ්‍රායලය ඊයේ(14) ප්‍රහාර එල්ල කර තිබේ.
ෆාර්ස් පුවත් ඒජන්සිය ( Fars News Agency ) සඳහන් කරන පරිදි මේ වන විට ගිනි නිවීමේ කණ්ඩායම් ගින්න මැඩ පැවැත්වීමට විශාල වෙහෙසක් දරමින් සිටිති.
එක්වරම ඩ්‍රෝන යානයකට සමාන යානයකින් පැමිණ එම ප්‍රහාරය එල්ල කර ඇතැයි ප්‍රාදේශීය මුලාශ්‍ර සහ ඇසින් දුටු සාක්ෂි තහවුරු කල බව ෆාර්ස් පුවත් ඒජන්සිය වැඩි දුරටත් කියා තිබේ.
දැවැන්ත ස්වාභාවික වායු නිධියක් වන දකුණු පාර්ස් /උතුරු ගෝලාකාර ක්ෂේත්‍රය , පෘථිවියේ විශාලතම ස්වාභාවික වායු නිධිය ලෙස හැඳින්වේ. එය ඉරානය සහ කටාර් අතර බෙදී තිබේ. ඉරාන කොටස දකුණු පාර්ස් ලෙසත්, කටාර් කොටස උතුරු ගෝලීය කොටස ලෙසත් හැඳින්වේ.
ලෝකයේ ගෑස් අපනයනය කෙරෙහි මෙය දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව නොරහසකි.