SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැඩ තහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස්

ජෙනරාල් තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇත.

 

 

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමට නියමිතය.

 

 

මේ අතර සමාජ මාධ්‍ය සංසරණ පුවතක් වන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, 2025 ජුනි 10 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නඩුව විභාග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින්, ඔහුව  2025 ජුනි 11 වැනිදා දක්වා කොළඹ බන්ධනාගාර තුල රිමාන්ඩ් කිරීම සඳහා නියෝගය ලබාදී තිබූ බවත් බන්ධනාගාරයට පැමිණි පසු ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එකදු විනාඩියක් වත් නොසිට වහාම බන්ධනාගාර රෝහල වෙත ඇතුල් කර ඇති බවත් ය.

 

 505780321 1108024771135420 6020049430439120780 n

Mahesh Sampath Dillimuni fb page

 

ඒ අනුව මේ සදහා බන්ධනාගාර වෛද්‍යවරයා සම්බන්ද වී ඇති බවත් මේ බන්ධනාගාර වෛද්‍යවරුන් අතයට ගනුදෙනු මත ක්‍රියාකරන පිරිසක් බවත්  එමගින් පවසයි.

 

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පෝස්ටුවේ මෙසේ සඳහන්ව ඇත.

“මෙලෙස උපුල්දෙණිය බන්ධනාගාර රෝහලට ඇතුළු වූ වහාම බන්ධනාගාර රෝහලින් අතුරුදහන් වී ඇත.

උපුල්දෙණිය ගේ සහෝදරයා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධානියා ය.

සොයා බැලීමේදී ඔහු කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඔහුගේ මල්ලිගේ කාර්යාල කාමරයට ගොස් ආතල් එකේ සිටින බවට අප වෙත වාර්තා වි ඇත.

රාත්‍රී යේ නිදා ගැනීමට පමණක් බන්ධනාගාර රෝහලට යන බවට දැනගන්නට ලැබී ඇත

අධිකරණ ඇමතිතුමනි මේ ගැන සොයා බලා වහාම නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔබලා ගැන ජනතාවගේ විශ්වාසය පළදු වනු නොඅනුමානයයි"

 

නවතම ලිපි