SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බන්ධනාගාරයට නියම වන ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් දිනක් දෙකක් ඇතුලත, සමහර අවස්ථාවල ඇතුලත් වන විටම 

වෛද්‍ය වාර්තා අනුව බන්ධනාගාර රෝහලට අනුයුක්ත කිරීම සිදුවන්නේ කෙසේද යන්නත් එහි යම්  අක්‍රමිකතාවන් සිදුවේද යන්න පරීක්ෂා කළ යුතු කරුණක් බවත් slleader අප පැවසුවේ කලෙක පටන්මය.

 

 

කෙසේ වෙතත් මේ වනවිට බන්ධනාගාර රෝහල්වල වෛද්‍යවරුන් තම වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කර අක්‍රමිකතාවලට සම්බන්ධ වී ඇත්නම්, ඔවුන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටී.

 

 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳ ඉහළ යන චෝදනා පිළිබඳව අදහස් දක්වමින් එම සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මාධ්‍ය පවසන්නේ, දේශපාලනඥයින් සහ රිමාන්ඩ් භාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ප්‍රමුඛ පුද්ගලයින්ට විශේෂ පහසුකම් සැපයීම සඳහා ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කළ බන්ධනාගාර රෝහල්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වෛද්‍යවරුන්ට එරෙහිව පියවර ගත යුතු බවය.

 

 

අවස්ථා කිහිපයකදීම, විශේෂයෙන් COVID-19 වසංගතය අතරතුර, වෛද්‍යවරුන් ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කිරීම සම්බන්ධ අක්‍රමිකතා අධිකරණයේදී හෙළිදරව් වී ඇති බව ඔහු සඳහන් කළේය.

 

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ද ගැඹුරු පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වෛද්‍ය සංජීව රජයෙන් ඉල්ලා සිටියේය.

 

පසුගිය කාලය තුළ බන්ධනාගාර ගත වූ දේශපාලකයින්, විවිධ ඉහළ ස්ථරයේ පුද්ගලයින් කඩිනමින් බන්ධනාගාර රෝහලට මෙන්ම රජයේ රෝහල්වලට ඇතුලත් කිරීම සිදුකරන්නේ බන්ධනාගාර වෛද්‍ය වාර්තා පසුබිමි කරගෙන බැවින් මේවා පිළිබඳ විධිමත්ව සොයා බැලීම ආරම්භ විය යුතුව ඇත.

 

නවතම ලිපි