ඉතාලියේ සිසිලි දූපතේ සිට ගාසා තීරය වෙත සංඛේතාත්මක මානූෂිය ආධාර නෞකාවක් ලෙස ගමන් ඇරඹි
මැඩ්ලීන් නෞකාව එහි සිටි මානූෂීය ක්‍රියාකාරීන් සමග ඊශ්‍රයාල් හමුදා විසින් අත් අඩංගුවට ගැනීම සමග ලොවපුරා අවධානය ගාසා තීරය වෙත යොමුව තිබේ.
මේ මොහොත ඊශ්‍රයාල් ප්‍රචණ්ඩත්වයටත් ම්ලේච්ඡ ජන සංහාරයටත් ගාසා තීරයට ආහාර අවහිර කර ගාසාවේ පලස්තීන වැසියන් කුසගින්නෙ මරා දැමීමට තැත් කිරීමටත් එරෙහිව ලොවපුරා වීදී සටන් ඇවිල යන මොහොතකි.
මෙවන් මොහොතක ගාසා තීරයත් පලස්තීනයේ නිදහසත් වෙනුවෙන් ඊශ්‍රයාල් ම්ලේච්ඡ ප්‍රචන්ඩත්වයටත් වටලෑමටත් එරෙහිව නැගී සිටීමේ හැකියාව උපරිමයට ලගා වී තිබේ.
අවස්ථාවේ වාසිය ගනිමින් උතුරු අප්‍රිකානූ රාජ්‍යයන් කීපයක දායකත්වය ඇතිව ගාසා තීරයේ වටලෑම බිඳලීම වෙනුවෙන් වූ රථ පෙලපාලීයක් ටියුනීසීයාවේ සිට ගමන් අරඹා ඇත.
සහභාගීවන්නන් දහස් ගණනක් සමග බස් රථ 12 ක්ද වෙනත් ආධාරක රථ සියගණනක්ද ඇතුලත් මෙම රථ පෙල ටියුනීසීයාවෙන් ගමන් අරඹා ඇති අතර ලිබියාව සහා ඊජිත්තුව පසුකරමින් ගාසා තීරයේ රෆා මුවදොර වෙත ලගාවන්නට නියමිතය.
මේ අතර රටවල් 32ක ක්‍රියාකාරීන් දහස් ගණනක් ජුනි 15 වන දින රෆා දේශසීමා හරස් මාර්ගයේ විරෝධතාවක් සැලසුම් කරමින් සිටිති.
ජුනි 12 වන දින ඊජිප්තුවේ කයිරෝ නුවරට ලගාවීමට නිය්මිත අතර, පසුදා අරිෂ් මායිම් නගරයට ගමන් කරන අතර, දින තුනක් පුරා කිලෝමීටර් 50ක් (සැතපුම් 31) ගමන් කර ගාසා තීරයේ දකුණු කෙලවරේ රෆා වෙත ළඟා වනු ඇත.
සැලසුමට අනුව ජුනී 15 රෆා දොරටුව ආසන්නයේ පැවැත්වීමට නියමිත විරෝධතාව නියමිත පරිදි පැවැත්වුවහොත් එය තීරණාත්මක විරෝධයක් වෙනවා නිසැකය.
නිදහස් පලස්තීනයක් !
නිදහස් ලෝකයක් !
පලස්තීන විමුක්ති අරගලයට ජය
@තාරක විජේබාහු