SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාසා තීරය වෙත ආහාර සහ ඖෂධ රැගෙන යමින් තිබූ Madleen (මැඩ්ලීන්) නම් නෞකාවට

ඊශ්‍රායල හමුදාව ගොඩවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

 

 

ඒ බව මෙම ගමන සංවිධානය කළ Freedom Flotilla Alliance (නිදහස් ෆ්ලෝටිලා සන්ධානය) තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

සිය නෞකාවේ සම්බන්ධතා නැති වී ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ. ගාසා හී ප්‍රදේශයකට ළඟා වන විට මැඩ්ලීන් නෞකාවේ ගමන් මාර්ගය වෙනස් කරන ලෙස ඊශ්‍රායල නාවික හමුදාව මීට පෙර දැනුම් දී තිබුණා. ඒ බව අද (09) අලුයම ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය තහවුරු කළා.

 

සිය X ගිණුමෙහි හි සටහනක් පළ කළ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය නෞකාව Celebrities Yacht ලෙස හැඳින්වීය. ඔවුන් කියන්නේ මේ නෞකාව Media Gimmick එකක් බව පවසනවා.

 

අද උදෑසන වන විට මැඩ්ලීන් වෙත ඊශ්‍රායල් ආරක්ෂක අංශ නීති විරෝධී ලෙස නැවට ගොඩ වූ අතර, එහි නිරායුධ සිවිල් කාර්ය මණ්ඩලය පැහැරගෙන ගොස් ඇති බවයි නිදහස් ෆ්ලෝටිලා සන්ධානය තහවුරු කළේ. ගාසා වෙත ගෙන යමින් තිබූ ළදරු කිරිපිටි, ආහාර සහ වෛද්‍ය සැපයුම් ඇතුළු එහි ජීවිතාරක්ෂක භාණ්ඩ රාජසන්තක කර ඇති බවයි කියන්නේ.

 

 

මැඩ්ලීන් හී හුන් සමාජ ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග් ඇතුළු නෞකාවේ සිටි ස්වේච්ඡා සේවකයින් රඳවා තබා ගැනීමට ඊශ්‍රායලයට කිසිදු බලයක් නොමැති බවයි නිදහස් ෆ්ලෝටිලා සංවිධායක හුවයිඩා අරෆ් පවසන්නේ. “ඔවුන් රඳවා තබා ගැනීම අත්තනෝමතික, නීති විරෝධී, වහාම නිදහස් කළ යුතුයි” ඇය පවසයි.

 

 

කෙසේ වෙතත් ලොව පුරා අවධානයයට ලක්ව සිටි මැඩ්ලීන් නෞකාවේ සිටි අය මෙය සිදුවීමට සූදානම්ව සිටි බවක් පෙනෙන්නට තිබූ බව සඳහන් වෙනවා.

 

ස්වීඩන් පුරවැසියෙකු වන වයස අවුරුදු 22ක් වන ග්‍රේටා තුන්බර්ග්, ෆ්‍රීඩම් ෆ්ලෝටිලා කාර්ය මණ්ඩලය නිදහස් කර ගැනීම සඳහා ස්වීඩන් රජයට කළ හැකි සෑම දෙයක්ම කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමින් වීඩියෝ පණිවිඩයක් පළ කර තිබෙනවා.

 

“මේ වීඩියෝව ඔබ දැක්කොත් අපිව ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගෙන පැහැරගෙන ගිහින් තියෙනවා” පෙර පටිගත කළ බව පැවසෙන වීඩියෝවේ කියවෙනවා.

 

තවත් පූර්ව පටිගත කරන ලද පණිවිඩයක, බ්‍රසීල ක්‍රියාකාරිකයෙකු වන තියාගෝ අවිලා, රඳවාගෙන සිටින ඔහුට සහ ෆ්ලෝටිලාවේ අනෙකුත් සාමාජිකයින්ට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

 

 

මැඩ්ලීන් නෞකාව අත්පත් කර ගැනීමෙන් පසු සිය හමුදාව නෞකාව අෂ්ඩෝඩ් වරායට ගෙන යන බවත් එහිදී කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන බවත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) පැවසුවේ නෞකාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ළඟා වෙමින් පවතින බවත්, එහි සිටි අය ඔවුන්ගේ මව් රටවලට ආපසු යැවීමට අපේක්ෂා කරන බවයි.

 

කෙසේ වෙතත් ඔහු සඳහන් කර ඇත්තේ නෞකාව ආපසු හරවන ලෙස තමන් මීට පෙර අනතුරු ඇඟවූ බවයි. නෞකාව ඊජිප්තු වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුද හරහා ගමන් කරන විට, ගාසා තීරයට සමීපව ගමන් නොකරන ලෙස තමන් එයට අනතුරු ඇඟවූ බවයි ඊශ්‍රායල් කැට්ස් අමාත්‍යවරයා කියන්නේ.

 

 

“මැඩ්ලීන් වෛරී බලඇණිය ගාසා තීරයට පැමිණීම වැළැක්වීමට ක්‍රියා කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා ලෙසත් මම IDF (Israel Defense Forces) වෙත උපදෙස් දී තිබෙනවා. යුදෙව් විරෝධී ග්‍රේටා සහ ඇගේ හමාස් ප්‍රචාරක ප්‍රකාශක සගයන්ට, මම පැහැදිලිවම කියනවා: ඔබ ආපසු හැරවිය යුතුයි. මන්ද ඔබට ගාසා තීරයට ළඟා විය නොහැකි බැවිනි. අවහිර කිරීම බිඳ දැමීමට හෝ ත්‍රස්ත සංවිධානවලට සහාය වීමට මුහුදේ, ගුවනේ සහ ගොඩබිම ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියා කරනු ඇත” යි ඔහු X හී සටහන් කර තිබෙනවා.

 

 

ඊට පිළිතුරු වශයෙන්, තමන් යුදෙව් විරෝධී බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ග්‍රේටා තන්බර්ග් සිය ඉන්ස්ටර්ග්‍රෑම් හී කියා තිබුණේ මෙම ප්‍රකාශ සිය මෙහෙයුම හෝ තමන්ගේ නෞකාව පිළිබඳව නොව එය පලස්තීනුවන්ගේ ජන සංහාරය, අවහිර කිරීම් සහ ක්‍රමානුකූල මර්දනය ගැන පවසුවක් බවයි.

 

 

“ගාසාවේ ජනතාවට කිසිවෙකු පැමිණ ඔවුන්ව බේරා ගැනීමට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ යුක්තිය සඳහා වන ඔවුන්ගේ අරගලය පුළුල් කර සහාය දීමයි. මානව හිමිකම් උල්ලංඝනය කරන අය සමඟ අපගේ හවුල්කාරිත්වය අවසන් කිරීම, පීඩනය යෙදීම සහ සබඳතා කපා හැරීමයි. සියලු දෙනාගේම ඇස් මේ වේදිකාවේ ම තබා ගන්න, නමුත් සියල්ලටම වඩා, සියලු දෙනාගේම ඇස් පලස්තීනය සහ සියලු පීඩිත ජනතාව කෙරෙහි තබා ගන්න” යි ඇය මේ ගමන අතරතුර දී ඉල්ලා සිටියා.

 

 

අද උදෑසන වනවිට ඊශ්‍රායල ආරක්ෂක අංශ බෝට්ටු නැව අල්ලාගත් පසු, එහි සියලු දෙනාටම යටත් වීමට, දෑත් ඔසවා නිශ්චලව සිටීමට නියෝග කළ බව වාර්තා වන අතර ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරුපය මේ වනවිට මැඩ්ලීන් නෞකාවෙන් ලද අවසන් ඡායාරුපය බව පැවසෙනවා. ජාත්‍යන්තර මුහුදේ දී මැඩ්ලීන් නෞකාව සහ එහි සිටි පිරිස් අල්ලා ගත් ඊශ්‍රායල කමාන්ඩෝ භටයින් මැඩ්ලීන් හී තිබූ දුරකථන ක්‍රියා විරහිත කිරීමට බල කළ බවයි පැවසෙන්නේ.

 

ඊශ්‍රායලය මාර්තු 2 වන දින සිට ගාසා තීරය සම්පුර්ණයෙන්ම වටලා ඇති අතර ඊට පෙර 2007 සිට එම භූමිය ගොඩබිම්, මුහුදු සහ ගුවන් අවහිරයකට යටත් කර සිටිනවා.

 

එවන් වටපිටාවක දේශගුණික ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග් සමඟ ගාසා වෙත මානුෂිය ආධාර රැගෙන යමින් සිටි 12 දෙනාම දැන් සිටින්නේ ඊශ්‍රායල් අත්අඩංගුවේ බවයි වාර්තා වන්නේ.

 

මීට පෙර ඊශ්‍රායල ඩ්‍රෝන යානා ගාසා තීරය බලා යමින් සිටි තවත් ආධාර නෞකාවකට බෝම්බ හෙලීමෙන් මාසයකට පසු, ජුනි 1 වෙනිදායි මැඩ්ලීන් නෞකාව සිසිලියෙන් පිටත්ව ගාසා වෙත යමින් තිබුණේ.

 

 

මෙම අමානුෂික යුද්ධයේ දී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ 54,000 කට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙන බවයි තවමත් තහවුරු නොකළ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් පවසන පසුබිමක කිලෝමීටර් 2,000 (සැතපුම් 1,250) ක ගමනට දින හතක් ගතවනු ඇති බව පැවසූ මැඩ්ලීන් නෞකාව සිය පිහිටීම Forensic Architecture මගින් සජීවීව නිරීක්ෂණය කරන ලබන බව සඳහන් කර තිබුණා. ඒ සඳහා නෞකාව Garmin සජීවී ට්‍රැකර් එකක් භාවිතා කළ බව මාධ්‍ය වාර්තා කළා.

 

 

ග්‍රේටා තුන්බර්ග් සමඟ ගාසා තීරයට ආධාර රැගත් කුඩා බෝට්ටුවක් වූ මෙම නෞකාව පලස්තීන භූමියේ වෙරළට ළඟා වෙමින් තිබියදී ඊට ගාසා තීරයට ළඟා වීමට ඉඩ නොදෙන බව ඊශ්‍රායලය ඉරිදා ප්‍රකාශ කළ අතර ආපසු හැරෙන ලෙස අනතුරු ඇඟවූවත් “අවසාන මොහොත දක්වා” ඔවුන් ඉදිරියට යන බව ප්‍රංශ මහජන මන්ත්‍රී රීමා හසන් පවසා තිබුණා.

 

ලැබෙන වාර්තා සඳහන් කරන්නේ තමන් ඊශ්‍රායල් Quadcopter වලින් වට කර ඇති බවත් ඊශ්‍රායල හමුදාවන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති බවත් අවසන් වරට මැඩ්ලීන් නෞකාවේ පිරිස් වාර්තා කර සිටියා.

 

 

“Quadcopter යානා නැව වට කළා. සුදු පැහැති ද්‍රව්‍යයක් අපිට ඉසිනවා. එය වැටුණු පසු ඇස් ගිනි ගනිමින් තිබෙනවා. අපේ සන්නිවේදන කටයුතු ඇණහිටලා, ගුවන් විදුලිය හරහා කලබලකාරී ශබ්ද විකාශනය වෙනවා. ඊශ්‍රායල් හමුදාව යාත්‍රාවට නැග්ගා” යනුවෙන් සියලු සබඳතා බිඳ වැටීමට පෙර යාතාවේ සිටි අය සඳහන් කර තිබෙනවා.

 

 

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් පවසන්නේ නෞකාව සමඟ සම්බන්ධතා නැති වී ඇති බවයි.

 

“එහි කපිතාන් මා සමඟ දුරකථනයෙන් කතා කරන අතරතුර සොල්දාදුවන් කතා කරන හඬ මට ඇසුණා. තවත් බෝට්ටුවක් එනවා කියලා කපිතාන් මට කියද්දි මට එයා එක්ක තිබුණු සම්බන්ධය නැති වුණා” යි ඇය පවසනවා.

 

උපුටනයකි

Sheikh Irshad Sahabuddeen page

නවතම ලිපි