SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දියයුතු පුද්ගලයන් සිය ප්‍රකාශයට ඇතුළත් නොකරන

සියලුම දේපොළ රාජසන්තක කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

 

මෙම තීරණය ගෙන ඇත්තේ නව දූෂණ විරෝධී පනත අනුවය.

 

ඒ අනුව මේ මස 30 වැනිදාට පෙර වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළයුතු වන අතර එලෙස නොකරන පුද්ගලයන්ට පළමු සති දෙක ඇතුළත අවවාදාත්මක ලිපියක් නිකුත් කෙරෙන බවත්  ඉන් පසු මාස දෙකක කාලයක් ඇතුළත අදාළ පුද්ගලයාගෙන් පරිපාලනමය දඩයක් අය කරන්නටත් කටයුතු යොදා ඇත.

 

අනතුරුව එම පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරෙන අතර එහිදී රුපියල් ලක්ෂයක දඩයක් සහ සිර දඬුවමක් ලබා දීමට මෙම පනත යටතේ අධිකරණයට හැකියාව පවතින බව අල්ලස් කොමිසම පවසයි.

 

 

මෙලෙස වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළයුතු යම් දේශපාලනඥයකු හෝ රජයේ නිලධාරියකු සිය දේපළක් පිළිබඳ හෙළි නොකර සිටින අවස්ථාවන්හි දී එම දේපොළ පිළිබඳව අනාවරණය වුවහොත් එය රාජසන්තක කිරීමට දූෂණ විරෝධී පනත අනුව හැකියාව තිබෙන බව ද එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

 

 

2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත අනුව ජනාධිපතිවරයා, ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, විනිසුරුවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල විශාල පිරිසක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දීමට අදාළව සිටියි.

 

 

නවතම ලිපි