වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී පොරොන්දු වූ එක් කරුණක් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එළැඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ එය මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති බවයි.
ඒ අනුව ලබන මාසයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීමද අත්හිටුවා ඇති බවයි.