කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සහ
පකිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරග සැලසුම්කරණයට අනුව දෙරට අතර තරග ශ්‍රී ලංකාවේ ද පැවැත්වීමට නියමිතව තිබේ.
මේ වසර මුලදී පිරිමි චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා පකිස්ථානයට යාම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දෙරට සහභාගි වන තරගාවලි වෙනුවෙන් එම රටවලට පරිබාහිර වෙනත් ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමට අවස්ථාව සැලසීය.
දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද සැලසුම්වල කොටසක් ලෙස, මෙම කිසිදු රටක් ICC තරගාවලියක් සඳහා අනෙක් රටට නොයනු ඇත.
ඒ අනුව, සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 2 දක්වා පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ඉන්දියාවේ බැංගලෝර්, ගුවාති, ඉන්දෝර් සහ විශාකාපට්නම් නගර අතරට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ද එක් වීමට නියමිත ය.
පකිස්ථානය සහභාගි වන කණ්ඩායම් තරග හත සහ ඉන්දියාව සහ එංගලන්තය අතර තරගයට කොළඹ නගරය සත්කාරකත්වය සපයනු ඇත. පකිස්ථානය අඛණ්ඩව තරගාවලිය තුළ රැදී සිටියහොත් අවසන් පූර්ව තරගය සහ අවසන් තරගයක් ද කොළඹදී පවත්වනු ඇත.
bbc