තායිවාන ප්‍රශ්නය තනිකරම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර,
කිසිදු විදේශ රටකට මැදිහත් වීමට අයිතියක් නැති බව චීන රජය කියයි.
ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පසුගියදා පැවති ෂැන්ග්‍රි-ලා සංවාදයේදී දේශනයක් පවත්වමින් “චීන තර්ජනය” අතිශයෝක්තියට නැංවූ බවත්, දකුණු චීන මුහුදේ ගැටලුව ගැන වැරදි ප්‍රකාශ කළ බවත් චීන විදේශ අමාත්‍යංශය කියයි.
“තායිවාන ප්‍රශ්නය තනිකරම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත්, කිසිදු විදේශ රටකට මැදිහත් වීමට අයිතියක් නොමැති බවත් එම ප්‍රකාශයේ නැවත අවධාරණය කර ඇත. "චීනය මැඩපැවැත්වීම සඳහා කේවල් කිරීමේ චිපයක් ලෙස තායිවාන ප්‍රශ්නය භාවිතා කිරීමට එක්සත් ජනපදය උත්සාහ නොකළ යුතු අතර ගින්න සමඟ සෙල්ලම් කිරීමෙන් වැළකී සිටිය යුතුය," යනුවෙන් චීනය පවසයි..
ඇමරිකාව “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය” ඉදිරියට ගෙන යෑම සඳහා, දකුණු චීන මුහුදේ ප්‍රහාරාත්මක අවි යොදවා, ගැටුම් අවුලුවා, අස්ථාවරත්වයක් ඇති කර තිබෙන බවත් චීනය චෝදනා කරයි.