නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා
ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) එලෙස නියම කර තිබේ.
මෙම නඩුව ඊයේ (29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය.
එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා මෙන්ම පොලිස් රැඳවුම් භාරයේ සිටි තවත් සැකකරුවන් තුන්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් පස්දෙනා සහ සැකකාරිය මෙම අපරාධයට දායක වී ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි පැවසිය.
මෙම සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව ද පොලීසිය සඳහන් කළේය.
මෙම සිද්ධියට පෙර තුසිත හල්ලොලුව විසින් භාවිතා කළ ජංගම දුරකථනය ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් එම දුරකථනය මෙතෙක් භාරදී නොමැති බවත් පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.
තුසිත හල්ලොලුව විසින් දුරකථනයක් බාර දුන්නද එය සිද්ධියෙන් පසුව භාවිතා කළ දුරකථනය බව පොලිසිය අධිකරණයට සඳහන් කළේය.
දැනට සිදු කර ඇති විමර්ශන වලට අනුව මෙම සිද්ධියට අදාළ වෙඩික්කරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් පවතින බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොහොමඩ් ශෆ්නි නැමති සැකකරු මෙහිදී මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළ ප්‍රකාශයක්ද ලබා දුන්නේය.
ඉන් අනතුරුව සියලු සැකකරුවන් ලබන 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළේය.
@උපුටාගැනීම theleader