SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු ට

අද මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් වසර 20 ක් සහ 25ක් වශයෙන් බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

 

 

රජයට රුපියල් මිලියන 53 ඉක්මවන මූල්‍යමය අලාභයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේට දඬුවම් නියම විය.

 

2014 සැප්තැම්බර් සහ දෙසැම්බර් අතර කාලය තුළ, කොළඹ සතොස ආයතනය විසින් ආනයනය කරන ලද කැරම් සහ චෙක් පුවරු, පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු සඳහා ක්‍රීඩා සමාජ වෙත බෙදා හැර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

 

තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) නියෝජනය කළ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන් තම නිල තනතුරුවල බලතල අනිසි ලෙස භාවිතා කර වැරදි ක්‍රියාවන් සිදු කර ඇති බවයි. මෙම වැරදි හේතුවෙන් රජයට රුපියල් මිලියන 53 කට අධික මහජන මුදල් අලාභයක් සිදුවී ඇති අතර එමඟින් සාමාන්‍ය ජනතාවට සැලකිය යුතු හානියක් සිදු වී ඇති බවයි.

 

එබැවින්, දූෂණයට එරෙහිව නැගී සිටින අය දිරිමත් කරන අතරම, සමාන වැරදි කිරීමට අදහස් කළ හැකි අනෙක් අයට බාධාවක් වන තීන්දුවක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම  අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

 

ලංකා සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු ට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් වසර 25ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම විය.

 

රජයට රුපියල් මිලියන 53 ඉක්මවන මූල්‍යමය අලාභයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසුව ඔහුට මෙම දඬුවම් නියම වී තිබේ.

 

2014 සැප්තැම්බර් සහ දෙසැම්බර් අතර කාලය තුළ, කොළඹ සතොස ආයතනය විසින් ආනයනය කරන ලද කැරම් සහ චෙක් පුවරු, පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු සඳහා ක්‍රීඩා සමාජ වෙත බෙදා හැර ඇති බවට ඔහුටද චෝදනා එල්ල වී තිබේ.

 

එහි ප්‍රතිඵලයක් ලෙස රජයට රුපියල් මිලියන 53 ඉක්මවන මූල්‍ය අලාභයක් සිදු වූ බව වාර්තා වේ.

 

 

නවතම ලිපි