SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමහර මාධ්‍ය වාර්තා කළ පරිදි රජය කිසිදු කැබිනට් සංශෝධනයක් හෝ

අග්‍රාමාත්‍ය තනතුරෙහි වෙනසක් පිළිබඳව සාකච්ඡා කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත අද(28) පැවසීය.

 

 

කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීම හෝ අගමැති වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය තුළ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත්, මාධ්‍ය විසින් ගැටළු ඇති කරන බවත් ඔහු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.  

 

"එවැනි ගැටළු කිසිවක් නැහැ. රජය තුළ අභ්‍යන්තර ගැටුමක් නැහැ. එවැනි අදහස් දක්වන අයගේ ඔලුව පරීක්ෂා කළ යුතුයි කියලා මම හිතනවා,"

 

 

කැබිනට් සංශෝධනයක් සහ අගමැති ධූරය සම්බන්ධයෙන් පසුගියදා අදහස් දැක්වීමක් සිදුකර තිබුණේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක විසිනි.

 

 

ඒ රජයේ රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක් අතරතුරේය.

 

මේ අතර කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රකාශයට සපුරාම ප්‍රතිවිරුද්ධව පවසන්නේ  වර්තමාන කැබිනට් මණ්ඩලය තමන්ට පවරා ඇති රාජකාරී ඉතා හොඳින් සිදුකරන නිසා කැබිනට් සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවය.

 

වර්තමාන අමාත්‍යවරුන් තමන්ගේ වගකීම් හොඳින් ඉටු කරමින් වංචා දූෂණ චෝදනාවන් කිසිවකට ලක් නොවී නිසි ලෙස වගකීම් ඉටු කිරීමේ යෙදී සිටින නිසා කැබිනට් සංශෝධනයක් පිළිබඳ  පවසන ප්‍රකාශයන් සත්‍ය නොවන බවද ඔහු කියා සිටියේය.

 

කෙසේ වුවද මේ ආකාරයට ආණ්ඩුවේ අභ්‍යන්තර පාර්ශ්වයේ යම් මත ගැටුමක් නිර්මාණය වෙමින් ඇතිබව පැහැදිලි යැයි විචාරකයින්ගේ අදහස වී  තිබේ.

 

 

නවතම ලිපි