අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන තෙක්
ශිෂ්‍ය වීසා අයදුම්පත් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අදාළ උපදෙස් මේ වනවිටත් ලොවපුරා අමෙරිකානු තානාපති කාර්යාල වෙත නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විදෙස් සිසුන් බඳවාගැනීම සහ ඔවුන්ගේ හැසිරීම පාලනය කිරීම සම්බන්ධව අමෙරිකානු ආණ්ඩුව සහ එරට ප්‍රභූ පැලැන්තියේ විශ්වවිද්‍යාල අතර මතගැටුම් උද්ගතව ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂත්වයක් බවය.