වතු කම්කරුවන්ද මේ රටේ පුරවැසියන් බැවින් ඔවුන්ටද ජිවත් විමට හැකි
ජීවන රටාවක් ඇති කිරිමට පියවර ගත යුතු බව සමාජ සංවර්ධන ආයතනයේ විධායක අධ්‍යක්ෂ පි. මුත්තුලිංගම් පවසයි.
ජාත්‍යන්තර තේ දිනය නිමිති කර ගෙන 21වන දින නුවරඑළිය නගරයේ පැවති උද්ගෝෂනයකින් පසුව මේ බව පැවසු විධායක අධ්‍යක්ෂ මුත්තුලිංගම් එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
“වතු කම්කරුවන් කියන්නේ ද්‍රවිඩ අය පමනක් නොවෙයි මේ වන විට සිංහල වතු කම්කරුවන්ද විශාල පිරිසක් ඉන්නවා මේ අයට ලැබෙන වැටුප ජිවත් විමට මදි එම නිසා ඔවුන්ගේ වැටුප් වැඩි කිරිමට පියවර ගත යුතුයි.
තේ වතුවල වැඩ කරන කම්කරුනක් වීශේෂ පිරිසක් බව කිව යුතුයි මේ අය මේ රටේ ජිවනාලියට වැඩි දායකත්වයක් ලබා දෙන පිරිසක් මොකද මේ රටට විදේස් විනිමය ලෙස ඩොලර් ගෙන එන පිරිසක් එත් මේ අයට ඉන්න නිසි නිවසක් නැහැ ජිවත් විමට නිසි වැටුපක් නැහැ.
අපි කියන්නේ නැහැ මේ අයට නිවාස හදලා දෙන්නම කියලා අපි කියන්නේ අඩු තරමින් මේ අයට නිවසක් හදා ගන්න ඉඩම් කොටසක් හෝ ලබා දෙන්න කියලා එවිට ඒ අයට පුලුවන් වෙයි බැංකු නයක්වත් අරගෙන නිවසක් හදා ගන්න.
එමෙන්ම මේ වන විට මේ අයට ලැබෙන දෛනික වැටුප මදියි එම නිසා මේ දෛනික වැටුප වැඩි කිරිමට පියවර ගත යුතු හැම මැතිවරණ කාලයකදිම මේ වතු කම්කරු වැටුප මෙච්චරකින් වැඩි කරනවා අච්චරකින් වැඩි කරනවා කියලා බලය ලබා ගත්තට පස්සේ එය අමතකයි.
මේ වතු කම්කරුවන්ද මේ රටේම පුරවැසියන් එම නිසා මොවුන්ටද මේ රටේ නිසි ලෙස ජිවත් විමට අවශ්‍ය පහසුකම් සැලසිම රජයේ වගකිමක් බැවින් මෙම වතු කම්කරුවන්ගේ ජිවිත නගා සිටුවිමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස මේ ජාත්‍යන්තර තේ දිනයේදි අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා".
@මනුර සුදත් සෙල්ලහේවා