SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනිත් පක්ෂවලට වඩා වැඩි සභික ධූර සංඛ්‍යාවක් ලබාගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එම පක්ෂයට ඉඩ දිය යුතු බව ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව පවසයි.

 

 

497448391 122165037320372737 1386730080704099186 n

 

 

අනෙකුත් දේශපාලන පක්ෂ තනි තනිව ලබාගත් සභික ධුර සංඛ්‍යාවට වඩා ජාතික ජන බලවේගය වැඩි සභික ධුර සංඛ්‍යාවක් ලබාගැනීමෙන් පෙනී යන්නේ ජනතාව අනුමත කරන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය බව යැයිද හෙතෙම සඳහන් කරයි.

 

 

එම ප්‍රතිපත්ති ඔවුන් ක්‍රියාත්මක කරන ආකාරය දැක තීරණය කිරීමට ජනතාවටම ඉඩ දිය යුතු යැයි ද ඔහු අවධාරණය කරයි.

 

 

කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් හරහා ඒවායේ බලය ආණ්ඩු පක්ෂයට අහිමි කිරීමට කිසිවකු කටයුතු නොකළ යුතු යැයි පැවසූ  දුමින්ද නාගමුව කිසිම සභාවක බලය පිහිටුවීමට ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට ජන අරගල සන්ධානයෙන් තේරී පත් වූ සභිකයන් සහාය නොදක්වන බව ද අවධාරණය කරයි.

 

නවතම ලිපි