SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 වසරේ මාර්තු පස්වන දින මාර්ග ස‍ංවර්ධන අධිකාරියට නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු ලෙස

එස්.එම්.පී. සූරියබණ්ඩාර  පත්වන්නේ එවකට පැවති ආණ්ඩුවේ පූර්ණ ආශිර්වාදයෙනි.

 

 

එම  පත්කිරීම අභියෝගයට ලක්කරමින් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනා අධිකරණයේ ගොණු කල අතර එහි තීන්දුව පසුගිය මැයි 8 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.

 

 

ඒ අනුව, එකී පත්වීම බල රහිත බව අධිකරණය විසින් තීන්දු කල අතර කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි ව  2024 වසරේ මාර්තු මස 05 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත් කරන ලෙස අධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට පසුගියදා නියෝගයක් නිකුත් කළේය.

 

 

උසාවි නියෝගය නොතකන්නේ ඇමති හයියෙන් ද?

 

අධිකරණ නියෝගය එසේ තිබියදීත් පත්වීම බල රහිත වූ එස්.එම්.පී. සූරිය බණ්ඩාර තවමත් තනතුරේ රැඳී සිටින අතර අධ්‍යක්ෂක ජනරාල් තනතුරට පත් විය යුතු යැයි අධිකරණය තීන්දු කල කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි ව එකී තනතුරට පත් කිරීම මා.ස‍.අධිකාරියේ  සභාපතිවරයා හා විෂය භාර අමාත්‍යවරයා විසින් දිගින් දිගටම පැහැර හරිමින් සිටින්නේ විවිධ හේතු දක්වමිනි.

 

 

පවතින තත්වය තුල මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කිසිදු තීන්දුවක් නොගෙන අදාල කාර්‍යාලයේ රැඳී සිටින්නේ ඔහු විසින් අධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමිනි.

 

 

තවද අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කිසිදු තීරණයක් ලබා නොදී සිටීමටද ඔහු වග බලා ගනී. එහි නීතිමය පදනම කෙසේ වුවත් යුක්තිගරුක වෘත්තිකයෙක් ලෙස අදාල තීන්දුව ක්‍රියාත්මක කිරීමට අධිකාරියට ඉඩදිය යුතුව ඇත.

 

 

 ඉහත තත්වය තුල මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ  සියළු කාර්‍යයන් අඩපන වී තිබුණත්, ඒවා සඳහා සභාපතිවරයාට මැදිහත් වන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පවසයි. කෙසේ නමුත් පණත අනුව අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බලතල සභාපතිවරයාට පවරා ගැනීමට හැකියාවක් නැත. පසුගිය පාලන සමයන් වල දී  දේශපාලණ අතපෙවීම් වලින් බැට කෑ මාර්ග සංවර්ධන අධිකාරියට මෙලෙස NPP ආණ්ඩුවක් යටතේ මෙවන් ඉරණමක් අත්වේ යැයි කිසිවෙකු බලාපොරොත්තු නොවූවකි.

 

 

තනතුර අහිමි වූ එස්.එම්.පී. සූරිය බණ්ඩාර ගැන අපට වාර්ථා වූ තොරතුරු ප්‍රශ්ණගතය. අදාල සම්මුඛ පරීක්ෂණයෙන් වැඩි ලකුණු ලබාගත් අයෙක් සිටියදී එකල පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සභාපතිවරයා හරහා මොහු අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කලේ ඇයි?

 

 

නීතිඥ ගාස්තු ගෙවන්නේ කොන්ත්‍රාත් සමාගම් විසින් ද?

 

 

එක් නඩුවාරයක් ස‍ඳහා අධික මුදල අයකරන ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා වැනි නීතීඥයෙකුගේ නීති සහායය  වෙනුවෙන් මුදල් සපයා ගත්තේ කෙසේද? (මේ සඳහා මා.සං.අධිකාරියෙන් සහ   මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිණේරු සංගමයෙන් මුදල් ආදාර ඉල්ලා සිටියද ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති අතර ඔහුගේ කුළුපග විශ්ව විද්‍යාල සගයෙක් වන අධිකාරියේ ඉහල නිලයක් හොබවන අයෙකුද සම්භන්ද කරගෙන කොන්ත්‍රාත් සමාගම් වලින් මේ සඳහා විය පැහැදම් සපයාගෙන ඇතැයි කටකතාවක් අධිකාරිය පුරා පැතිර ගොස් ඇත).

 

 

මේවා මෙසේ වන විට යුක්තිය, නීතිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයාගේ ආශිර්වාදය මොහුට ලැබෙන්නෙ කවර හේතුවක් නිසා ද?

 

තවද අධිකරණ තීන්දුවක් මගින් මොහුගේ පත්වීම බල රහිත කොට තිබියදීත්, ඇපෑලක් විභාගයටවත් නොගෙන තිබෙන තත්වයක් තුල කාර්‍යාලයෙන් ඉවත් නොවී සිටින්නේ කාගේ හයියකින් ද ? යන්න  මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ප්‍රශ්න කර සිටිති.

 

 

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව සැදුනු ජාතික ජන බලවේග ආණ්ඩුව දූෂණය වංචාව පිටුදැක, නීතිය සුරකින රජයක් බිහිකරන්නේ මේ ආකාරයට ද?

 

 

සෙස්ස පස්සට.

 

@ නිරෝමී සුබ්‍රමනියම්

නවතම ලිපි