ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
ඒ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමිනි.
කෝලි ටෙස්ට් තරග 123කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු ටෙස්ට් ලකුණු 9230ක් රැස්කර ගැනීමට සමත්ව ඇත.
ඔහු ටෙස්ට් ශතක 30ක් සහ ටෙස්ට් අර්ධ ශතක 31ක් ඔහුගේ විශිෂ්ට වෘත්තීය ජීවිතය තුළ හිමිකර ගෙන ඇත.
ලබන ජුනි මස 20 වන දා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ආරම්භවීමට නියමිත තරග 5කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර ඔහු මෙලෙස සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.
ඉන්දීය ටෙස්ට් නායකයන්ගෙන් සාර්ථකත්වයක් දිනා ගත් කෝලි සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේ 2011 වසරේදීය.