SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන්

එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග තරගය අද(09) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

 

puhunu 2

 

 

කෙසේ වෙතත් මේ වනවිට ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව එක්දින තරග ඉතිහාසයේ මුල්වරට අවසන් තරගයකට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

 

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මේ වනවිට මුහුණදුන් තරග තුනම පරාජය වී ඇති අතර අද ශ්‍රී ලංකා කණ්ඩායම සමග මූලික වටයේ අවසන් තරගය පැවැත්වේ.

 

කෙසේවෙතත් මෙම තරගය ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැනබැලීමට හෝ අවසන් මහ තරගයට පෙර පුහුණු තරගයක් ලෙස යොදාගැනීමට හැකියාව තිබේ.

 

නවතම ලිපි