‘සින්දූර් මෙහෙයුම’ අරඹමින් ඉන්දීය හමුදාව පකිස්ථානයට
මිසයිල ප්‍රහාර එල්ල කළ ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.
මෙම ප්‍රහාරවලින් ප්‍රහාරවලින් දරුවෙකු ඇතුළු තිදෙනෙකු මිය ගොස් ඇති බව පකිස්ථාන හමුදාව පවසයි.
පකිස්ථානයේ සහ එරට පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය රජය සඳහන් කර තිබේ.
පසුගිය මාසයේ ඉන්දීය කාශ්මීරයේ හින්දු සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයකින් පසුව ඇති වූ ආතතීන් උත්සන්න වෙමින් පැවති අතර අප්‍රේල් 22 වන දින ඉස්ලාමීය ප්‍රහාරකයින් විසින් හින්දු සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කළ අතර, එය දශක දෙකකට ආසන්න කාලයක් තුළ ඉන්දියාවේ සිවිල් වැසියන් ඉලක්ක කරගත් දරුණුතම ප්‍රචණ්ඩත්වය බවට පත්විය.
ඉන්දියාව ස්ථාන තුනකට මිසයිල ප්‍රහාර එල්ල කළ බව පාකිස්තානය පැවසූ නමුත් ඉන්දීය රජයේ ප්‍රකාශයන්හි ප්‍රහාරවල ස්වභාවය විස්තර කර නොමැත. ඉන්දියාව පැවසුවේ තමන්ට එරෙහිව ප්‍රහාර සැලසුම් කර යොමු කරන ලද "ත්‍රස්තවාදීන් ඉලක්ක කර” පහර දුන් බවයි.
අනතුරුව රාත්‍රී අහසේ පිපිරීම්, ගින්නක්, විශාල දුම් වළලු සහ පකිස්ථානයේ සහ පකිස්ථාන කාශ්මීරයේ ස්ථාන කිහිපයක පලා යන පුද්ගලයින්ගේ වීඩියෝ ඉන්දියානු රූපවාහිනී නාලිකා මගින් පෙන්වීය.
ඉන්දීය කාශ්මීරයේ මායිමේ ස්ථාන දෙකක සිටි සිද්ධිය ඇසින් දුටූවන් සහ එක් පොලිස් නිලධාරියෙකු පැවසුවේ විශාල පිපිරීම්, දැඩි කාලතුවක්කු ෂෙල් වෙඩි මෙන්ම අහසේ ජෙට් යානා ද ඇසුණු බවයි.
ඉන්දීය ප්‍රහාරවලට ඉස්ලාමාබාද් ප්‍රතිචාර දක්වන බව පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් පැවසූ නමුත් ඔහු වැඩි විස්තරයක් ලබා දී නැත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තත්ත්වය "ලැජ්ජාවක්" ලෙස හැඳින්වූ අතර "මෙය ඉක්මනින් අවසන් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි" යනුවෙන් ද පැවසීය.
පාකිස්තානයේ ජනාකීර්ණ පන්ජාබ් පළාතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බවත්, රෝහල් සහ හදිසි සේවා දැඩි සීරුවෙන් තබා ඇති බවත් එහි ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
"මීට ටික වේලාවකට පෙර, ඉන්දීය සන්නද්ධ හමුදා 'සින්දූර් මෙහෙයුම' දියත් කළ අතර, පාකිස්තානයේ සහ පාකිස්තානය විසින් අත්පත් කරගෙන සිටින ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්තවාදී ස්ථානයන්ට පහර දුන්හ, එම ස්ථානයන්හි සිට ඉන්දියාවට එරෙහි ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කර මෙහෙයවා ඇත,"
ඉන්දීය ප්‍රකාශයේ සඳහන් විය.
@මුසෆරාබාද්, පකිස්ථානය/නවදිල්ලි, මැයි 7 (රොයිටර්)