SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය ලබාගැනීමට නම්

විදුලි බිල වැඩි කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය  29දා පැවසීය.

 


ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය මැයි හෝ ජුනි සිදුවිය හැකි බවත් මැයි 06 වැනිදාට පෙර සිදුනොවන බව නම් තමාට ප්‍රකාශ කළ හැකි බවත් ගාලු දිස්ත්‍රික් පැවැති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා තිබුණි.

 

 

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පවසයි.

 


එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ද ඔවුන් විසින් දැනුම් දී තිබේ.

 

 

මේ අතර ඊයේ (02) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කරන්නේ විදුලි ගාස්තුවල යම් මිල වැඩි කිරීමක් සිදුකිරීමට සිදුවන බව ය.

 

 

වසරකට දෙවතාවක් සිදුවන විදුලි මිල සංශෝධනය අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවත් ඔහු කියා සිටී.

 

 

විදුලිබල මණ්ඩලය ඇති බිලියන 200ක ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුවගතකරණය කර ඇති බවත් ඒ අනුව ඉන් කොටසක් විදුලි බිලට එකතු වනු ඇති වුවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ ය.

 

 

පසුගියදා පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය වසර තිහක කාලයක් ඇතුළත ගිවිසුම් ගත වූ අනූ හතර වන රට ශ්‍රී ලංකාව බවත්, එම රටවල් අනූ හතරෙන් රටවල් අනූ දෙකක්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ දී අසාර්ථක ව ඇති බවත් ය.

 

 

“මුල්‍ය අරමුදලත් එක්ක ගිහිල්ලා ඇත්තටම ගොඩ ගිය රටවල් නැති බවත් නැත්තටම නැති තරම්”