ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය වසර තිහක කාලයක් ඇතුළත
ගිවිසුම් ගත වූ අනූ හතර වන රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
එම රටවල් අනූ හතරෙන් රටවල් අනූ දෙකක්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ දී අසාර්ථක ව ඇති බවත් ඔහු පැවසුවේ ය.
“මුල්‍ය අරමුදලත් එක්ක ගිහිල්ලා ඇත්තටම ගොඩ ගිය රටවල් නැති බවත් නැත්තටම නැති තරම්”
එවන් තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල නිවැරදිව ඔවුන් කියන ආකාරයට ශ්‍රී ලංකාව විසින් කරගෙන යන බවත් ඔහු පවසයි.
ජාතික ජන බලවේග විසින් පවත්වන ලද පළාත් පාලන මැතිවරණ ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.