හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක
අශෝක ආරියවංශට වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මුලස්ථානය පියවර ගෙනඇතැයි වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේ, රැඳවුම්භාරයේ සිටින පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට දුරකතන ඇමතුමක් දීමට රනිල් වික්‍රමසිංහට අවශ්‍ය බව පවසා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් පසුව මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බව ය.
ඒ අනුව, අද (මැයි 1) සිට බලපැවැත්වෙන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මෙම ස්ථාන මාරුව සිදු කර ඇතැයි ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
මේ සඳහා පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
අදාළ ස්ථාන මාරුව ලැබූ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වසර 23ක් පුරාවට හිටපු රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කර ඇති අතර ඔහු හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක් ද සේවය කර තිබේ.