SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්

ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 

 

පසුගිය දා කාශ්මීරයේ දී වැසියන්ගේ  ඝාතනයත් සමග පැන නැගුනු අර්බූධය සම්බන්ධයෙන්  ප්‍රතිචාර දක්වමින් ඊයේ නවදිල්ලි හිදී රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබාදී ඇත.

 

 

ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බවයි.

 

 

මේ අතර පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනේ දැක්වෙන්නේ, ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

 

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ,  ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවයි.

නවතම ලිපි