SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • ඉන්දියාව සමඟ යුද්ධයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව සිටිනු ඇතැයි පාකිස්තානය අපේක්ෂා කරයි.
  • ඉන්දුස් ජලය අත්හිටුවුවහොත් යුද්ධය නොවැළැක්විය හැකියි.
  • බලුකිස්තානයේ අධිවේගී දුම්රියකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය AKD විසින් පහල්ගම් සිද්ධිය හෙළා දුටු ආකාරයටම හෙළා නොදැක්වූයේ මන්දැයි පකිස්තානයේ කනස්සල්ල!

 

 

පහල්ගම් සිද්ධියෙන් පසු ඉන්දු-පකිස්තාන් අර්බූධය උත්සන්න වීම සහ 1960 ඉන්දු ජල ගිවිසුම (IWT) අත්හිටුවන බවට වූ ඉන්දියාවේ  අනතුරු ඇඟවීමේ පසුබිමක, ශ්‍රී ලංකාව මධ්‍යස්ථ, නොබැඳි භූමිකාවක් ඉටු කරනු ඇතැයි පාකිස්තානය අපේක්ෂා කරන බව  එරට ඉහළම  රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් ඊයේ නිර්නාමිකව ප්‍රකාශ කර ඇතැයි ඩේලි මිරර් වාර්තාවක සඳහන් වේ.

 

 

දෙරට අතර පවතින වත්මන් තත්ත්වය පිළිබඳ පසුබිම් සාකච්ඡාවකදී එය සිදු ව ඇත.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ කළ දුරකථන සංවාදයෙන් පසු ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිකුත් කළ ප්‍රකාශයේ වචන පාකිස්තාන බලධාරීන් සැලකිල්ලට ගෙන ඇති බව ඒ අනුව  පෙනේ.

 

කෙසේ වුවද 2025 මාර්තු 11 වන දින පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ සිබි නගරය අසල ක්වේටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ ජැෆර් එක්ස්ප්‍රස් මගී දුම්රිය බලුච් බෙදුම්වාදීන් පැහැර ගැනීමේ සිද්ධිය හෙළා දකිමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම ගැටුමේදී මධ්‍යස්ථභාවය ප්‍රදර්ශනය නොකළේ මන්දැයි පාකිස්තාන බලධාරීන් කනස්සල්ලට පත්ව සිටිති.

 

පකිස්ථානය කිසිදු ආකාරයක ත්‍රස්තවාදයක් අනුමත නොකරන බව ප්‍රකාශ කරමින්, පහල්ගම්හි සිදුවූ දේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට පාකිස්තානය සූදානම් බව ද එකී  ආරංචිමාර්ග  වැඩිදුටත් පවසා තිබේ.

 

තම කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වන ඉන්දු ගංගා ජලය නිකුත් කිරීම අත්හිටුවුවහොත් පාකිස්තානය හමුදාමය වශයෙන් ප්‍රතිචාර දක්වන බව ද එම ආරංචිමාර්ග පවසයි. එසේම න්‍යෂ්ටික සන්නද්ධ රටවල් ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර පූර්ණ යුද්ධයක් ඇති වුවහොත් එය මුළු කලාපයටම ව්‍යසනයක් ගෙන එනු ඇති බවද එකී ආරංචිමාර්ග අවදාරණය කර ඇත.

 

ශ්‍රී ලංකාව පාකිස්තානයේ සහෝදර මිතුරෙකු ලෙස අදාළ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියා පවසා තිබේ.

 

පාකිස්තානයේ යුද්ධයක සම්භාවිතාව පිළිබඳව අදහස් පවතින අතර සමහරු එය වඩාත් හොඳබවට අර්ථකථනය කරන අතර තවත් සමහරෙක්  එය ප්‍රතික්ෂේප කරති.

 

කෙසේ වුවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනටමත් මෙම ගැටුමේදී  මධ්‍යස්ථව සිටින බව නිවේදනය කර තිබේ.

 

 

නවතම ලිපි