SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස

අපොන්සු  කෙනෙක් පත්කරනවාය කියල වයිරල් වුනු ප්‍රවෘත්තිය මීඩියා ප්ලාන්ට් නිවුස් එකක් ලුය.

 

ඉහළ පෙළේ  දේශපාලන ආරංචිමාර්ග කියන්නේ නම් ඒ වර්ණපාල තියරියක් බව ය.

 

විශ්ව විද්‍යාලයට ගිය හැමෝම වර්ණපාල තියරිය හඳුනන නිසා වත්මන් ජනාධිපතිවරයා ද එය හොඳාකාරවම දන්නවා ලුය.

 

දැනට මුදල් අමාත්‍යංශ දේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධනයන්  එළැඹෙන මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු  ජනාධිපතිවරයාගේ අදහස වී වෙලා තිබුණේ  ඔහුගේ ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකයෙක් වූ හුළංගමුව කෙනෙක් පත්කිරීමට ලු ය.

කොහොම උනත් ලංකාවේ ආර්ථිකය ගැන හොඳින්ම දන්න හුළං ගමුව ඒක බාරගන්න අදිමදි කරලා ලු ය.  මේ නිසා ඒ වගේ  වගකීමක් බාර ගන්නට  ඔහුගේ සූදානමක් නැතිය  කියල  මාධ්‍ය වාර්තා පළවෙලා තිබුනේ ය.

එවන් මොහොතක දැනට මාලිමා රජයේ ප්‍රධානතම  ව්‍යාපෘතියක් වූ ද, එහෙත් අසාර්ථක ව්‍යාපෘතියක් කියල  සමාජ මාධ්‍යන්හි විවිධ චෝදනා සංග්‍රහ ලබන ක්ලීන් ශ්‍රී ලංකා ලොක්කෙකුගේ  නමක් ඊට ඇතුලත් වූයේ කොහොමද කියා පක්ෂයේ  ‍‍‍පිරිසක් සොයා බැලුවා ලුය.

 

 ඒ අනුව හෙළිවී ඇත්තේ මෙය මාධ්‍ය හරහා ක්‍රියාත්මක කළ වර්ණපාල තියරියක් බවලු ය,

 

වැඩේ කියන්නෙ මෙම මාධ්‍ය වාර්තා පළකිරීමත් එක්කම අදාළ නිළධාරියා  එම වාර්තා අරගෙන තකහනියක් ලොක්කා සොයා ගොස්  අදාළ වාර්තා ජනාධිපතිවරයාට අදාළ නිළධාරියා විසින්ම පෙන්නුවාලුය.

 

වාමාංන්සික  ජනාධිපතිවරයා ඒක බලල බොහොම සතුටින් හිනැහුනු බවත් ඒ හිනාවෙන් අදාළ නිළධාරියා දිරිමත් ව ඇති බවත් පක්ෂයේ උන් කියනවාය.

 

ඒ කියන්නේ තවත් වටයකින් වර්ණපාල තියරිය ගෙන යෑම සිද්දවෙනු ඇති බව  ඔහු කරන කියන දෑ අනුව  අධිෂ්ඨාන කරගෙන ඇති බවත් පක්ෂයේ සාමාජිකයින් ගොසිප් තීරයට කිව්වේය.

 

දැන් දැන් ඔහු හැසිරෙන්නේ අදාළ තනතුර ලැබී අවසන් ය යන ආකාරයට කියලත්, දැන් දැන් උපදෙස් අනුශාසනා පටන්ගෙන ඇති බවත්  පක්ෂ සාමාජිකයන්ගේ අදහස ලුය.

 

කොහොම උනත්  ඉතිහාසය පුරාම ලංකාවේ දේශපාලනය කරකැව්නේ මාධ්‍ය ගේම් හරහා ය.

 

ඒ සියල්ලන්ටම වඩා වැඩියෙන් වර්තමාන නායකයා මාධ්‍ය විසින් කරකවනු ලැබ ඇති බවත් රට පාලනයේදී  ඔහු විශ්වාසය තබා ඇත්තේ පක්ෂ කාඩරය වෙත නොව පෙර ආණ්ඩුවල කටයුතු කළ පිරිස් වෙත බවත් දැන් දැන් පක්ෂ සාමාජිකත්වයට ඒත්තු යමින් තියෙනවාය කියා  ගොසිප් තීරය සමග එක්වූ පක්ෂ සාමාජිකයෙක් පවසන්නේ බොහොම හිතේ අමාරුවෙන් ලුය.

 

මාලිමා රජයේ ප්‍රධාන තනතුරු පත්කෙරෙන්නේ ඔන්න ඔහොමලු ය..

 

මාලුමාමලාට ජයවේවා කියල මේව අහගෙන ඉඳල කුරුතේලිස් මාමා සුපුරුදු පරිද්දෙන් ම කෑ ගැසුවේය..

 

#Gossip