මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක්
ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
එම තීරණය අද (28) සිට ක්‍රියාත්මක ය.
කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රහාරයෙන් පසුව වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් අදාළ නාලිකා තහනම් කිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තහනමට ලක්වූ පාකිස්තාන යූ ටියුබ් නාලිකා අතර ප්‍රවෘත්ති නාලිකා මෙන්ම පාකිස්තාන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ නාලිකා ද ඇතුළත් වන බවයි.