SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකයේ ඕනෑම අභියෝගයක් නිර්මාණය වුවද මෙරට නොසැලෙන

ආර්ථිකයක් නිර්මාණය කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක කියයි.

 

 

ලෝකයේ වසංගතයකදී, යුධමව තත්ත්වයකදී, තීරුබසු වෙනසකදී මෙරට ආර්ථිකය බිඳ වැටෙන බවද පැවසූ ඔහු ඉන් කියවෙන්නේ මෙරට ජාතික ආර්ථිකයක් ගොඩනගා නැති බව යයිද කියා සිටියේය.

 

 “ට‍්‍රම්ප් ජනාධිපතිතුමාගේ සමහර තීරණ මත සමහර බලපෑමක් ඇතිවීම අනතුර තියෙනවා. ඒක නිරාකරණය කරගැනීම සඳහා මේ වන විටත් අපේ නියෝජිත කණ්ඩායම් ගිහිල්ල සාකච්ඡා කරලා තිබෙනවා. යම් යම් එකඟතාවන්ට ඇවිල්ලා තිබෙනවා. අපි එම තත්වය ඉතාමත් අවම හානිකර තත්වයක් ලෙස විසඳා ගැනීමට උපරිම උත්සාහ දරනවා.

 

ලෝකේ ඕනෑම වෙලාවක කවර හෝ රටක් ගන්න ඕනෑම තීන්දුවක් අපිට මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙනව නම් අපේ ආර්ථිකයට ඒ කියන්නෙ අපට ජාතික ආර්ථිකයක් නෑ හරියට.

 

ලෝකයේ වසංගතයක් ආවොත් අපේ ආර්ථිකය හාන්සියි. ලෝක යුද්ධයක් ආවොත් අපේ ආර්ථික හාන්සියි. ලෝකයේ රටක් තිරුබදු ප්‍රතිපත්තිය වෙනස් කලොත් අපේ ආර්ථික හාන්සියි.

 

ඒ කියන්නේ මොකක්ද අපි යලි අපේ ජාතික උරුමය සහිත නව ආර්ථික උපයමාර්ගයකට අපේ රට පරිවර්තනය කරලා ඕනෑම අභියෝගයකට නොසැලෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාවයි”