SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද(28) පෙරවරුවේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිත ය.

 

 

ඒ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස සිටියදී සිදුවු බව කියන රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ට අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන්නැයි දැනුම් දී තිබුණ ද එදින ඔහුට පැමිණීමට නොහැකි බව දැනුම් දීමෙන් පසු ඔහු විසින් අද දිනය යොදා ගෙන ඇති බව වාර්තා වේ.