රට අමාරුවේ වැටෙන මෙහෛාතක කිසිදු පැකිලීමකින් තොරව ජනාධිපති
අනුර දිසානායක වෙත සහාය ලබාදෙන බව ජනරජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
බලය සහිතව ඉන්න වත්මන් ජනාධිපතිවරයා සමග එක්ව රට බේරාගැනීමට එක්වන බවත් ඔහු සමග මෙන්ම ඔහුගේ දේශපාලන පක්ෂය සමග බලගතු විවේචන පැවතියත් රට වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් වන බව ඔහු පවසයි.
එය පිල් මාරු කිරීමක් නොවන බවත්, ඒ සඳහා ආරාධනාවක් අවශ්‍ය නැති බවත් පාඨලී පවසයි.
කෙසේ වුවද විජිත හේරත් අමාත්‍යවරයා පවසා ඇත්තේ වත්මන් රජයට විපක්ෂයේ උදව් අනවශ්‍ය බවය.