මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස
රසල් අපොන්සු පත් කරනු ඇතැයි ආරංචිමාර්ග කියයි.
රසල් අපොන්සු ක්ලීන් ශ‍්‍රී ලංකා කාර්ය සාධක බලකා ලේකම්වරයාය.
දැනට මුදල් අමාත්‍යංශ දේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධන මහතා එළඹෙන මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත අතර අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ තනතුරකට පත්වීමට නියමිතය.
ජනාධිපති ජේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසට පත් කිරීමට රජය සූදානම් වුවත් ඔහු එම ධුරය භාර ගැනීමට අකමැත්ත පළ කර තිබූ බව වාර්තා විය.