අලි පාටියෙ වැඩ අලි පාටියෙ නායකයට ඔින විදිහටලු. ඔික ඉතිං කියන්නත් දෙයක්යැ නේද?
අලි පාටියෙ ලොකු රෝල් එකක් ගෙනියපු රවී උන්නැහේට අවශ්‍ය උනේ අලි පාටියෙ මහලේකම් කම ගන්නය කියල කාලෙක හිටංම අලි පාටියට සම්බන්ධ හැමෝම දන්න කාරණයක්නේ.
රවී උන්නැහේ ඒ වෙනුවෙන් සෑහෙන දර දිය ඇද්ද විතරක් නෙවෙයි සෑහෙන කාසි පනමුත් වියපැහැදම් කළාලු.
කොහොම හරි අලි පාටියෙ ලොකු තැන කියන්නෙ ඉතිං කාගෙවත් පර්ෆොමන්ස් බලල දේවල් දෙන්න තීරණය කරන උන්නැහේ කෙනෙක් නෙවෙයිලුනේ.
ඔන්න ඒ හින්ඳ රවී උන්නැහේ හොර රහසේම පක්ෂෙට ලැබිච්ච මන්ත්‍රී ආසන දෙකෙන් එකකුත් කොල්ල කාගෙනම පක්ෂෙන් මාරු වෙලා ගියාලු. මාරු වෙලාය කිව්වට පක්ෂයෙ විනය කමිටුව තාවකාලිකව එයාගෙ තනතුරු අත්හිටෝලාලු.
මේ අතරෙ අලි පාටියට පරණ යූඇන්පී කාරයො/කාරියන්ව අමුණගන්න යටිබිම්ගත ලොකු වැඩ කොටසක් කරන රාජිත උන්නැහේට පක්ෂෙ මහා විසාල වගකීමක් පවරන්නලු හදන්නෙ.
ආරංචියෙ හැටියටනම් රවී උන්නැහ හිටපු නියෝජ්‍ය ලේකම් කමටත් එහා ගිය පක්ෂයෙ සභාපති උන්නැහේවත් පාලනය කොරන්න ඇහැක් තනතුරක් නිර්මාණය කොරනව කියලයි කියන්නෙ.
අපිනං ඔිව හරියට දන්නෙ නැහැ. මොන තනතුරු හැදුවත් ඒ ඉතිං අලි පාටියෙම නොවැ.
ඒ විතරක්යැ ඒකෙ නායකයා වික්කමසිංහ උන්නැහේම නොවැ ඉන්නෙ..
#Gossip