SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන 28 වැනි සඳුදා දින පෙරවරු 9.30ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් විසින් එම කොමිසමට දන්වා ඇත.

 

 

අද දිනයේදී හිටපු ජනාධිපතිවරයාට එහි පෙනී සිටින ලෙසට කලින් දැනුම් දී තිබුනද ඔහු අද එහි පෙනී සිටියේ නැත.

 

පසුගිය 18 වැනිදාද එහි පෙනී සිටින්නැයි දන්වා තිබූ අතර එදිනද ඔහු එහි පෙනී සිටින්නට නොහැකි බව පෙරලා දැනුම් දී තිබුණි.

 

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවීම කර ඇත.

 

 

නවතම ලිපි