SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාශ්මීරයේ සංචාරය කල හින්ඳු ජාතිකයින් 27 දෙනෙකූ

පාකිස්තානය සහය දෙන සන්නද්ධ කන්ඩායමක් විසින් ඉතා මිලේච්ඡ ලෙස ඝාතනය කිරීමෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදය යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවධානමක් ඇති වෙමින් පවති.

 

 

තම රටින් පැය 48ක් ඇතුලත ඉවත් වෙන ලෙස ඉන්දියානු රජය ඉන්දියාවේ සිටින පකිස්ථාන ජාතිකයන්ට දන්වා ඇති අතර පාකිස්තානයේ රැදී සිටින සියළු ඉන්දියානුවන්ට වහාම පාකිස්තානයෙන් ඉවත් වන ලෙසටත්, කිසිදු හේතුවකට පාකිස්ථානයේ සංචාරයේ නොයෙදෙන ලෙසත් ඉන්දියාව එරට පුරවැසියන්ට දන්වා තිබේ.

 

 

දෙපාර්ශවයම එකිනෙක රටවලට ලබා දී ඇති වීසා අවලංගු කර ඇති අතර දේශසීමා හරහා ගමනාගමනය ද අත්හිටුවා ඇත.

 

 

හැටේ දශකයේ මුල දෙරට අතර අත්සන් කල ගංගා ආශ්‍රිත ජල ගිවිසුම වහාම අත්හිටුවීමටත් ඉන්දියාව තීරණය කර ඇත. මෙම ජල ප්‍රශ්ණය නිසා ඊට පෙර මේ දෙපාර්ශවය අතර අවස්ථා 3කදී යුධ ගැටුම් ඇති වී ඇති අතර මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මේ දක්වා කිසිදු අවස්ථාවක මෙසේ ගිවිසුම අත්හිටුවා පාකිස්තානයට ජලය ලබා දීම අවහිර කර නැත. ඒ අනුව මේ අවස්ථාවේ දෙපාර්ශවය ක්ෂණිකව ගත් තීන්දු අතර ඇති බරපතලම තීන්දුව ඉන්දියාව ඒකපාර්ශ්විකව මෙම ගිවිසුම අත්හිටුවීමයි.

 

 

ප්‍රතිචාර ලෙස ඉන්දියාව සමග කෙරෙන සියලු වෙළඳ කටයුතු වහාම අත්හිටුවීමට පාකිස්තානය තීරණය කර ඇති අතර ඉන්දියානු හිමිකාරිත්වය දරණ සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලු ගුවන් යානා වලට සිය ගුවන් අවකාශය තහනම් කිරීමටද පාකිස්ථානය තීරණය කර තිබේ.

 

 

ඒ අනුව ඉදිරි දින කිහිපයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදය යුද්ධයක් කරා යෑමේ දැඩි අවධානමක් ඇති වෙමින් පවති.

 

ඊට අමතරව ඉන්දියාව සහ බංග්ලාදේශය අතරද විවිධ අර්බූද හට ගනිමින් ඇති අතර බංග්ලාදේශ නෞකා සදහා ඉන්දීය වරායන් භාවිතයට බාධා පමුණුවා ඇත.

 

@ විශ්ව චින්තන