SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන 2025 පළාත් පාලන මැතිවරණයේ, මැතිවරණ පනතට අනුකූලව මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන්

එක්සත් ජනරජ පෙරමුණ විසින් මේ වනවිට මැතිවරණ කොමිසම වෙත පැමිණිලි 03 ක් ඉදිරිපත් කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

 

 

"එළඹෙන 2025 මැයි 06 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පළාත් පාලන මැතිවරණ පනතට අනුකූලව සිදුකරන ලද මැතිවරණ පැමිණිලි 03 ක් අප විසින්  මැතිවරණ කොමිසමට ගොනුකර තිබෙනවා. මැතිවරණ කොමිසම තමයි අද නිසි බලධාරියා.

 

පළමු පැමිණිල්ල වන්නේ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක මහතා විසින්, ප් රකාශයක් සිදුකළා මාලිමාව ජයග් රහණය නොකරන, පළාත් පාලන ආයතන වලට, ලබාදෙන ප් රති පිළිබඳව ඒවා ලබා නොදීමට ඔහු කටයුතු කරන බව. මොකද ඔහු පූර්ව නිගමනයක හිටියා. මාලිමාව ජය නොගන්නා අය හොරු කියලා. ඒ පිළිබඳ පළමු පැමිණිල්ල අපේ පක්ෂයේ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා විසින් සිදුකරනු ලැබ තිබෙනවා.

 

දෙවෙනි පැමිණිල්ලක් කරා ජනාධිපතිවරයා තමන් මුදල් ඇමතිවරයා හැටියට ඔහුගේ බලය අයුතු ලෙස පාවිච්චි කරමින් පවුල් හාර ලක්ෂයකට බලපෑමක් ඇති කරන්න ගියා. ඒක තමයි අ අස්වැසුම දීමනා ලබා දෙනවා අලුතෙන් කියලා කරපු එක. මොකද අස්වැසුම පොරොත්තු ලේඛනයේ අභියාචනා ලේඛනයේ පවුල් දස ලක්ෂයක් පමණ එතකොට ඒ පවුල් දස ලක්ෂයෙන් හාර ලක්ෂයකට ඔහු බලපෑමක් කළා. එතකොට ඒ දසලක්ෂයේම අය හිතනවා ඒ හාර ලක්ෂයට ඇතුල් වෙන්න නම් මම මාලිමාවට ඡන්දය දිය යුතුයි කියලා. එතකොට මේක භයානක අල්ලසක්. ඉතින් ඒ භයානක අල්ලස, මැතිවරණ අල්ලස සම්බන්ධයෙන් අපි නැවත වතාවක් මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තියෙනවා.

 

තුන්වෙනි පැමිණිල්ල වශයෙන් අද මේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් විසින්, (මේ මහරගම අපේක්ෂකයින්) මොවුන් මේ මහරගමට අනාගතයේ මහරගම නගර සභාවේ අරමුදල් වලින් කරන්න යනවාය කියලා විශාල වැඩ වලට මුදල් අනුමත කරලා තියෙනවා; ඒවා කරන්න යනවා කියන කාරනාව. මේ තාම පත් වෙලාවත් නැති මන්ත් රීලා මහරගම නාගරික කොමසාරිස්වරයා පාවිච්චි කරමින් මේ අපි කරන්න යන වැඩ කියලා, පාරවල් මැන මැන රාජ් ය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් ඉන්නවා. මහරගම නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත් රීවරයාගේ මූලිකත්වයෙන්. ඉතින් මේක පැහැදිලි මැතිවරණ වරදක්. ඒ පිළිබඳවත් අපි අපේ පක්ෂයේ මහ ලේකම් බන්දුල චන්ද් රසේකර මහතාත් ඒ වගේම අපේ පක්ෂයේ උප සභාපති මේජර් ජෙනරල් තිලක් උභයවර්ධනත් පැමිණිලි කරලා තියෙනවා.

 

කණගාටුවට කරුණ නම්, මැතිවරණ කොමිසම මේවට ප් රතිචාර දක්වන්නේ ඉතාමත්ම ඉබි ගමනින්. ඒ වගේම මෙතන තියෙන ලොකුම ප් රශ්නේ තියෙන්නේ ජනතාවට. මොකද 'අනිත් සියලු දෙනාම අශිෂ්ටයි. අපි තමයි ශිෂ්ඨ සම්පන්න මිනිස්සු.' කියලා දේශපාලනයට ආපු අය ඉතාම අශිෂ්ට දේශපාලනයක නියැලීම. ජනතා විමුක්ති පෙරමුණ 2006 මැතිවරණයේදී තිස්සමහාරාම ප්රාදේශීය සභාව ජයගත්තා. මහින්ද රාජපක්ෂ ඒ තිස්සමහාරාම ප්රාදේශීය සභාවට ජනාධිපති, මුදල් ඇමති හැටියට අරමුදල් ලබා නොදී හිටියේ නෑ. විතරක් නෙවෙයි ඒ ජනතා විමුක්ති පෙරමුණේ ඒ ප් රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ගෙදර ගියේ මහජන ඡන්දෙන්, දූෂණ චෝදනා ඇතුව. ඒ වගේම මේ පහුගිය හය මාසය ඇතුළත ජාතික ජන බලවේගයේ නායකයා හැටියටත්, ආණ්ඩුවේ නායකයා හැටියටත් කිසිඳු සංවර්ධන කටයුත්තක්, එක ගඩොලක්, එක පස් පිඩැල්ලක් කපලා නැහැ. තමන්ගේ රැස්වීම් වලට කපපු පස් පිදැලි විතරයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් මේ ආණ්ඩුව කරලා නැහැ. එහෙම කරලා නැති තත්වය තුල මහා සුරංගනා ලෝක අනාගතයට මවමින්, රාජ් ය දේපළ අපහරණය කරමින් කරන අශිෂ්ට දේශපාලනය ගැන ජනතාව දැන් තීන්දුවක් ගත යුතුයි කියලා අපි හිතනවා.

 sankalpa

 

එක්සත් ජනරජ පෙරමුණේ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල,

 

''ඇත්තටම මම අද පෙන්නන්න උත්සාහ කරන්නේ අපි අප්‍රේල් මස 02 මැතිවරණ කොමිසමට දාපු පැමිණිල්ලකට ලැබුණු උත්තරයක් පිළිබඳවයි. මේ ලිපිය එවන්නේ අතිරේක මැතිවරණ කොමසාරිස්තුමා වන පී. බී. සී. කුලරත්න මහතා නීති විමර්ශන හා සැලසුම් අංශය තමයි ඔහු භාරව කටයුතු කරන්නේ. ඔහු මේ ලිපිය අද අපේ පක්ෂය වෙත ලබා දෙනවා. ඔහු සඳහන් කරනවා; පළාත් පාලන මැතිවරණයේ ඡන්ද දායකයාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකරන අනිසි බලපෑම් පිළිබඳව. මේ කරුණ සම්බන්ධයෙන් එතුමා කියනවා එකී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරඟ වදින අනෙකුත් දේශපාලන පක්ෂ කණ්ඩායම් වලට අගතියක් නොවන පරිදි ක් රියාකරන ලෙස ගරු ජනාධිපතිතුමන් දැනුවත් කරන මෙන් ඉල්ලා ජනාධිපති ලේකම් වෙත 2025. 04. 19 වන දින ලිපියක් යොමු කරන ලද බව. ඇත්තටම අපි පැමිණිල්ල දැම්මේ අප්‍රේල් 02 වෙනිදා. අද උත්තරයක් ලැබිලා තියෙනවා. මං හිතන්නේ මැතිවරණ කොමසාරිස් ඉබි ගමනේ ගිහිල්ලා හරි කොමිසමේ නිලධාරීන් ඉබි ගමනේ ගිහිල්ලා හරි මෙහෙම හරි උත්තරයක් දීපු එක ගැන අපි සන්තෝස වෙනවා.

 

අපි කතා කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. අපි කතා කරන්නේ අපේ පක්ෂය වෙනුවෙන් නෙමෙයි. මොකද සම බිමක් නිර්මාණය කරන්න ඕනේ මැතිවරණයේදී. ඒ සම බිම අහිමි කරන්න යන්නේ ශිෂ්ට සම්පන්න දේශපාලනයක් පෙන්නලා මේ රටේ මිනිස්සුන්ට බොරු කියලා ආපු මේ මාලිමාවේ මේ අනුර කුමාර ජනාධිපතිවරයා ප් රමුඛ පිරිස කරන්නේ ඒ සමබිම අහිමි කරන එක. අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා අපි දාපු අනෙකුත් පැමිණිලි වලටත් මේ වගේ ක් රියාමාර්ග ගනී කියලා.