රටම බලා ඉන්නා ඉතා වැදගත් පරීක්‍ෂණයක විමර්ශන දියත් වෙමින් ඇති බව පවසන ජනාධිපති අනුර කුමාර දිසානායක
නමුත් එහි ඉදිරි පියවරයන් ඉතාම සූක්ෂම සහ ප්‍රවේශම් සහගතව සිදුකළ යුතුව ඇති බවද කියා ඇත.
එනිසා සමහර තොරතුරු ජනතාවට දැන්ම දැන ගැනීමට නොහැකි නොවුණු ඇති බවත් විමර්ශන ඉතා හොඳින් සිදුකරමින් යන බවත් ජනාධිපතිවරයා අවදාරණය කර ඇත.
ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් බදුල්ලේදී පැවැත්වූ ජන රැලියක් අමතමිනි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ හෙළිදරව්ව පාස්කු ප්‍රහාරය සැමරෙන අප්‍රේල් 21 වෙනිදාට සිදුකරන බැව් පසුගිය කාලය තුළ ජාතික ජන බලවේග ආණ්ඩුවේම නායකයින් විසින් ප්‍රකාශ කර තිබූ අතර සමාජ මාධ්‍ය තුළ මෙන්ම රටේම අවදානය අප්‍රේල් 21 වෙනිදාට යොමු ව තිබිය දී ජනාධිපතිවරයා විසින් මෙසේ ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
“මම අද කිව්වා අපේ පොලිසි භාර ඇමතිතුමාට කිව්වා ඉතාමත් වැදගත් රටම බලාගෙන ඉන්න පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා.
හැබැයි විමර්ශනයේ ඉදිරි පියවර ඉතාමත් සූක්ෂමව සහ ප්‍රවේශම් සහගතව කළ යුතුව තිබෙනවා.
ඒ නිසා සමහර ඒවා ඕගොල්ලන්ට දැම්මා දැනගන්න ලැබෙන්නේ නැති වේවි.
විමර්ශන අපි ඉතා හොඳින් කරමින් යනවා. මට ඒ සහතිකේ දෙන්න පුළුවන්.
කට ඇරපු නැති අය කට අරින්න පටන් අරගෙන තිබෙනවා. සාක්ෂි දෙන්න බයේ හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. සම්බන්ධ නෑ කියපු අය සම්බන්ධතා එළිදරව් වෙමින් තිබෙනවා.
එනිසා විමර්ශන යහපත් අතට ක්‍රියාත්මක වී තිබෙනවා. අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවට යටපත් වෙන්න ඉඩ නොදී පුරවැසියන්ට එහි සාධාරණය ඉටු කරන්න කටයුතු කරන බව සහතික කරනව.
ටිකක් ප‍්‍රමාද වෙයි. අපි මේවා අපේ හිතේ තියෙන ඉලක්ක කරගන්න අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයට ගිහිල්ලා එයා වරදකරැවකු බවට පත් කිරීම සදහා හොද සාක්‍ෂි සටහන් තියෙන්න ඔින.
එනිසා යම් කාලයක් ගන්නවා හැබැයි කොයි කාලෙ ගියත් සාධාරනේ ඉටු කරන්න අපේ ආණ්ඩුව බැදිලා ඉන්න බව තමුන්නාන්සෙලට සහතික කරනවා’
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පවසන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ රහස පිළිබඳව යළි අදහස් දක්වා ඇත.
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ලබාදුන් රහසිගත තොරතුර රටට හෙළි කරන්නේද නැද්ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා පවසයි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත තමන් මෙම තොරතුර ලබා දී ඇති බවත් ඔහු එහිදී කියා ඇත.
ඇමරිකානු බුද්ධි අංශ විසින් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ අනුව ISIS ත්‍රස්ත සංවිධානය එහි එම ප්‍රහාරය එල්ල කරන ලද බව හෙළි වී ඇති බවද ඔහු පැවසුවේය.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.