SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගය (NPP) විසින් පාලනය නොකරන පළාත් පාලන ආයතන සඳහා

අරමුදල් වෙන් නොකරන බව ඇතැම් පුද්ගලයින් පවසන පරිදි තමන් කිසි විටෙකත් නොකියූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

 

 

නුවරඑළියේ පැවති මැතිවරණ රැලියකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, පළාත් පාලන ආයතන අනිසි ලෙස භාවිතා කිරීමට සහ කොල්ලකෑමට අරමුදල් වෙන් නොකරන බවයි. 

 

 

"අවභාවිතය සහ කොල්ලකෑම නවතා මහා භාණ්ඩාගාරයට අරමුදල් රැස් කිරීමට මධ්‍යම රජය විශාල උත්සාහයක් දරනවා. පළාත් පාලන ආයතනය එම ප්‍රතිපත්තියම අනුගමනය නොකරන්නේ නම් සහ අරමුදල් අවභාවිත කර ඒවා කොල්ලකන්නේ නම්, අපට එය සිදුවීමට ඉඩ දිය නොහැකියි. එනිසා පළාත් පාලන ආයතනවලට අවභාවිතා කිරීමට සහ අරමුදල් කොල්ලකෑමට අපි ඉඩ නොදෙන බවයි  මම කීවේ"

ඔහු පැවසීය.

 

 

‌මේ අතර හෙට (21) ජනපතිවරයාගේ ප්‍රකාශයකට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධව වමර්ශනයකට  මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බව වාර්තා විය.

 

ඒ පසුගියදා කන්තලේ ප්‍රදේශයේ පැවති ජන රැළියදී ජනාධිපතිවරයා පැවසූ අදහස් දැක්වීමක් වෙනුවෙනි.

 

“අපි නොවැම්බර් මාසෙදී යළි අයවැයක් ගේනවා. ජුනි මාසය වෙද්දී ඒකට යෝජනා ගන්නවා. එතකොට ප්‍රාදේශීය සභාව මොකද කරන්න ඕනා ? මෙන්න කන්තලේ ප්‍රාදේශීය සභාවේ ආදායම – මෙන්න තියෙන වැඩ. බලපුවාම මොකද වෙන්නෙ ? ආදායම මදි, කරන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනෙ, මහ ආණ්ඩුවෙ ඉල්ලනවා මේ වැඩ ටික කරන්න. අපි ඒක මහ ආණ්ඩුවෙන් දෙන්නම්.

 

අපි යෝජනාව අතට ගන්නවා. මුදල් අමාත්‍යාංශයනෙ. යෝජනාව අතට අරන් බලනවා, යෝජනාව ඇවිල්ලා තියෙන්නෙ කන්තලේ ප්‍රාදේශීය සභාවෙන්. ඊළඟට බලනවා එවලා තියෙන්නෙ කවුද ? ආ … කන්තලේ ප්‍රාදේශීය සභාව තියෙන්නෙ ජාතික ජන බලවේගය අතේ, එහෙනම් ඇස් පියාගෙන යෝජනාව අනුමත කරලා සල්ලි ලබාදෙනවා.

 

ඊළඟ අපි බලනවා, නෑ ප්‍රාදේශීය සභාව වෙන කාටදෝ ගිහිල්ලා. ඒගොල්ලො තමයි එවලා තියෙන්නෙ. මොකද කරන්නෙ ? දහ සැරයක් බලනවා. ඇයි ? දන්නවානෙ හිටපු කට්ටිය කොහොමද හැදුවෙ ? පාරට කොන්ක්‍රීට් ටිකයි, වැඩිපුර සාක්කුවට. ගියෙ නැද්ද?

 

එහෙම නම් සල්ලි දෙන්නෙ නෑ. හොරකම් කරන්න සල්ලි දෙන්න ඕනෙද ? එහෙම නම් නෑ, මතක තියාගන්න. එහෙම නම් එවන්න ඕනෙ කවුද? ජාතික ජන බලවේගයට තමයි මේ ප්‍රාදේශීය සභා සියල්ලේම බලය ලබාදෙන්න ඕනෙකම තියෙන්නෙ මේ සැරේ. නැත්නම් වැඩක් නෑ. එහෙම නැත්නම් මොකක්ද වෙන්නෙ? කොන් වුණු ප්‍රාදේශීය සභා. මහ ආණ්ඩුව කරන වැඩවලට කකුලෙන් අදින ප්‍රාදේශීය සභා. එහෙම හරියන්නෙ නෑ.”

 

නවතම ලිපි