"බයියෝ නෙමෙයි" යූ ටියුබ් පොඩ්කාස්ට් වැඩසටහන
ධනාත්මක සංවාදයක් ආරම්භ කරලා තියනවා.
ධනනාත් ප්‍රනාන්දු සහ අශෝක අභයගුණවර්ධන අතර උණුසුම් විවෘත සංවාදයක් 'බයියෝ නොවෙයි' නාලිකාවේ මෙම වීඩියෝ මගින් නැරඹිය හැකියි.
වැඩසටහන මෙහෙයවන්නේ සිරිමලී ලියනගම විසින්.
එහි පලමු වැඩසටහනෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව ඊට පක්ෂව ධනනාත් ප්‍රනාන්දු සහ ඊට විරුද්ධ අදහසක සිටින අශෝක අභයගුණවර්ධන අතර සංවාදය මගින් වැදගත් කරුණු කීපයක් ඉස්මතු කරනවා.
ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී රටේ ආර්ථිකය බිද වැටීමට හේතුවූ වැදගත් කරණු කිහිපයක් පිලිබඳව ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.
ගෝටාට ගෙදර යන්න වුණේ IMF එකට නොගිය නිසාද?
ලංකාවේ ආර්ථිකය බිද වැටුණේ ගෝටා IMF එකට යාමට ප්‍රමාද වීම නිසා බවත් ආර්ථිකය යලි ස්ථාවර වුණේ රනිල් IMF වෙත ගිය නිසා බවත් සමාජයේ සාමාන්‍යයෙන් පිලිගත් ජනප්‍රිය මතයයි.
එහෙත් ඒ පිළිබඳව ගැඹුර සංවාදයක් ඇති වී නැහැ. ඒ නිසා IMF එකට පක්ෂ හා විරෝධී වශයෙන් සමාජය පිලි දෙකකට බෙදිලා, එකිනෙකාට දොස් පවරා ගන්නවා.
ඒ පිළිබදව දෙපිල අතර ධනාත්මක සංවාදයක් තවම ඇතිවී නැහැ.
මාලිමාවේ අයවැයෙන් රට ගොඩ යයිද?
මාලිමාවේ මංගල අයවැය පිළිබඳව ජනතාව විශාල බලාපොරොත්තුවක් තබාගෙන සිටියත් ඒකේ අලුත් දෙයක් නෑනේ කියා අදහසක් ප්‍රචලිත වී තිබෙනවා.
ඇත්‍තටම මාලිමා අයවැයේ අලුත් දෙයක් ඇත්තෙම නැද්ද?
මාලිමාවේ රට හදන ප්‍රතිපත්ති මොනවාද? රට හදන්න පුද්ගලික අංශයට පුලුවන්ද? රටකට රට දියුණු කරන උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යද? ඒක හදන්න පුලුවන් කාටද?